you're reading...
Television

තිර මාධ්‍යයේ සංඥාර්ථ භාවිතය… 3 වන කොටස…


pontypoolසිනමා මාධ්‍යයේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය භාවිතය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ද සංඥාර්ථවේදය පිළිබඳ අධ්‍යයනයට විශේෂ වැදගත් කමක් හිමිවන බව ඒ අනුව පැහැදිලි වේ. එනම් පොදුවේ දෘශ්‍ය මාධ්‍යයෙහි සංකේත කියවීම සඳහා අධ්‍යයනය කළයුතු විෂය වන්නේ මෙය වන බැවිනි. මේ මගින් විවිධ අර්ථ ජනනය කළ හැකිවා පමනක් නොව රූපවාහිනී මාධ්‍යයෙහි සෞන්දර්ය රසය ද තීව‍්‍ර කළ හැකිය. සෝෂියර්ට අනුව (Saussure, 1983)  භාෂාවට අනන්‍යවූ අර්ථ නොමැති අතර භාෂාවේ ද්‍රව්‍ය (Language Materials) මගින් අර්ථ නිෂ්පාදනයක් සිදුවන බව පැහැදිලි කරයි. සංඥාකාරකය දර්ශනය වන, ශ‍්‍රවණය කළ හැකි, ස්පර්ශ කළ හැකි, රස හෝ ග`ද-සුව`ද දැනිය හැකි ආකාරයේ යම් සංඥාවක ද්‍රව්‍යමය ආකෘතිය වශයෙන් ඉදිරිපත් වේ. ඔහුට අනුව සංඥාකාරකය හා සංඥාකෘතය යන දෙකම හුදෙක්ම මානසිකමය (Psychological) වන අතර එම දෙකම හරයකට (Substance) වඩා ආකෘතියක් වශයෙන් ඉදිරිපත්වී ඇත. දෘශ්‍ය සංඥාර්ථ පිළිබ`ද සෝෂියර්ගේ අදහස මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ඒ අනුව භාෂාත්මක සංඥාර්ථවේදී න්‍යායන් දෘශ්‍ය සිනමාවට පෙරළීමට යාමේදී ගැටළුවක් මතුවන බව ඔහුගේ අදහසයි. මෙයට හේතුව වන්නේ භාෂාවක වචන මෙන් සිනමාවෙහි සම්මුතික (Conventional) සංඥා පද්ධතියක් නොමැතිවීම බව සෝෂියර්ගේ අදහසයි. දෘශ්‍ය මාධ්‍යයේදී සංඥාකාරකය සමගම සංඥාකෘතයෙහි (Signified) ස්වභාවය හඳුනාගත යුතු වේ. මෝටර් රථයක් (Car) පිළිබඳ වචනය මඟින් ප‍්‍රකාශිත අදහස වන මෝටර් රථයෙහි සාමාන්‍ය ස්වභාවයට වඩා දෘශ්‍ය රූපය මඟින් ප‍්‍රකාශිත මෝටර් රථය විශාලත්වයෙන් වැඩි වේ. මෙය හඳුනාගත හැක්කේද, භාෂාව හරහා පමණි.

භෞතික පරිසරයේ දර්ශනය වන සියලූ වස්තූන් තේරුම්ගත හැක්කේ මූලික දෘශ්‍ය රූපයක් ද, සහිත භාෂාවේ ඇති සුවිශේෂ සංකේත හරහාය. මෙහි අදහස වන්නේ දෘශ්‍ය රූපය හා භාෂාව අතර අවියෝජනීය සම්බන්ධතාවයක් පවතින බවත්, ලෝක ස්වභාවය සංජානනය කර ගැනීමේ දී මෙම මාධ්‍ය දෙකම සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත්ය. ජනමාධ්‍යවේදය, සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයෙහි නිෂ්පාදනය කළ ද, එකිනෙකට සම්බන්ධ සංකීර්ණ වියමනක් පවතී. විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යයෙහි සහ සිනමාවෙහි රූප රාමුව යනු සංකීර්ණ, අන්තර් සම්බන්ධතා පවතින වියමනක් ලෙස පැහැදිලි කළ හැකිය. සිනමාව මෙන්ම රූපවාහිනී මාධ්‍යය ද දෘශ්‍ය සංඥාවන්ගේ ප‍්‍රකාශනයක් වන අතර රූප භාෂාවට අදාළ සංඥාවන් එහි අර්ථ නිෂ්පත්තිය සිදුකරයි. පිළිගත් සම්මත දෘශ්‍ය භාෂාවක් ආශ‍්‍රයෙන් රූපවාහිනී දෘශ්‍ය ප‍්‍රකාශනය මගින් අර්ථ ගොඩනැගීම සිදුවේ. අර්ථය ජනනය වන්නේ නිර්මාණය/දෘශ්‍ය ආඛ්‍යානය හා පේ‍්‍රක්ෂකයා අතර ඇතිවන සම්බන්ධය හේතුවෙනි. පේ‍්‍රක්ෂකයා යම් දෘශ්‍ය ආඛ්‍යානයක් කියවනු ලබන්නේ අර්ථය හරහායි. සෑම දෘශ්‍ය රාමුවක් මඟින්ම අර්ථයක් ජනනය කරනු ලබන අතර එය සංඥා හරහා සිදුකරනු ලබයි. සිනමා මාධ්‍යයේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේදී ද යථාර්ථය පරාවර්ථනය කරගන්නේ තාක්ෂණය භාවිතයෙන් කැමරාව මගිනි. ඒ අනුව මිනිස් මනස තුළ සංඥාවකින් උපදින මනෝ චිත‍්‍රය හා සැබෑව අතර පැහැදිලි පරතරයක් තිබේ. මෙම තත්වය නිසා යථාර්ථය ඒ ආකාරයෙන්ම මිනිසාට ග‍්‍රහණය කර ගැනීමට හැකියාවක් නොලැබේ.

චිත‍්‍රපට ඉතිහාසයේ සිටම සිනමාවෙහි භාෂාව පිළිබඳව වෙනත් වාචික භාෂාවන් සමග සැසඳීමට උත්සාහ දරා තිබුණද මෙහි ඇති දුෂ්කර තත්වය වන්නේ භාෂාව හරහා වචන සහ ප‍්‍රතිරූප (Image) විස්තර කිරීමට පවතින අපහසුතාවයයි. සිනමා භාෂාව විග‍්‍රහ කිරීම පිළිබඳ වූ මෙම සංකල්ප ඉතිහාසයේ සිටම පැවත තිබේ. මේ අනුව දෘශ්‍ය මාධ්‍ය භාෂාවක් ලෙස අධ්‍යයනය කිරීමේදී සංඥාර්ථවේදයෙහි විවිධ එළඹුම් විද්වතුන් විසින් යොදාගෙන ඇති ආකාරය පැහැදිලි වේ. සංඥාර්ථවේදය යන භාවිතයේ අදහස වන්නේ සළකුණුවල (Sign) න්‍යාය යන්නයි. බ‍්‍රව්ඩි සහ මාර්ෂල් (Broudy & Marshal, 1998) ගේ තර්කය අනුව වාග් විද්‍යාව භාෂාවක සංඥා පද්ධතිය පිළිබඳව වූ න්‍යාය වන්නා සේම සිනමාවෙහි සංඥාර්ථවේදය චිත‍්‍රපටයෙහි සංකේත පද්ධතිය පිළිබඳව වූ න්‍යායයි. මේ අතර මොනාකෝ දක්වන්නේ (Monaco, 1982)  සෝෂියර් විසින් භාෂාව විචාර ක‍්‍රමවේදයක් (Method for Analysis) වශයෙන් හඳුන්වාදීමත්්, එය විවිධ ක්ෂේත‍්‍රයන් තුළ ජනප‍්‍රිය වීමත් සමග සිනමා විචාරය සඳහා ද සංඥාර්ථවේදය පුළුල් වශයෙන් භාවිතා කරන්නට පටන්ගෙන ඇති බවයි.

ක‍්‍රිස්ටියන් මෙට්ස් Cristian Metz නැමැති සංඥාර්ථවේදියාගේ අදහස වන්නේ (Metz, 1991)  භාෂාව මඟින් අර්ථ ග‍්‍රහණය කරගැනීමේ සංජානන ක‍්‍රියාවලිය අන් සියල්ලටම වඩා අතිශය වැදගත් වන බවයි. සිනමාව භාෂාත්මක විධියක් (Language System) හෝ භාෂාවක් නොවන නමුත් එය අපට කදිම කතන්දර කියා තිබේ. කෙසේ නමුත් කදිම කතන්දර කීමේ හැකියාවක් පළකර තිබෙන නිසා එය භාෂාවක් බවට පත්වී තිබේ. බ‍්‍රැන්ඩි සහ මාර්ෂල් විග‍්‍රහ කරන පරිදි (Brandy & Marshal, 1998) විවිධ දෘශ්‍ය සංඥාර්ථ භාවිතා කර ඇති සිනමාකෘතිවල දෘශ්‍ය ආඛ්‍යානය මඟින් ප‍්‍රකාශිත මුඛ්‍යාර්ථය (Denotation) තේරුම් ගැනීම පළමුව සිදුවිය යුතු අතර ව්‍යංගාර්ථය (Connotation) පසුව තේරුම් ගැනීමට උත්සාහ දැරීම වැදගත් වන්නේ සිනමා ද්‍රව්‍යය (Cinematic Material) ලෙස එහි මුඛ්‍යාර්ථය ඉදිරිපත් වන බැවිනි. මුඛ්‍යාර්ථය වනුයේ සිනමාවෙහි ප‍්‍රකාශන මාධ්‍ය වන දෘශ්‍ය රූපයි. ව්‍යංගාර්ථය ප‍්‍රකාශයට පත්වන්නේ දෙවනුවයි. සිනමාවෙහි මූලික ද්‍රව්‍ය වන දෘශ්‍ය රූපය මඟින් සෘජු ලෙස ඉදිරිපත් නොකරන වෙනත් දේ ව්‍යංගාර්ථය හරහා ඉදිරිපත් කරයි.

රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය සංරචනය නරඹා, වින්දනයක් ලැබීමෙන් පසු අමතක කර දැමිය හැකි සරළ දෙයක් නොවේ. මෙම මාධ්‍යයෙහි ඇති දෘශ්‍ය සංරචනය තේරුම් ගැනීමට නම් ඒ තුළ ඇති සංකීර්ණ සංඥා සහ සංඥා පද්ධති අතර ඇති සම්බන්ධතාවන් සහ ඒවා තුළ ඇති අර්ථයන් වටහාගැනීම අත්‍යවශ්‍ය වේ. රූපවාහිනී ආඛ්‍යාන ගොඩනගන නිර්මාණ කරුවන් විසින් විවිධ සංඥා පද්ධති ආශ‍්‍රයෙන් නිර්මාණය කරනු ලැබ ඇති දෘශ්‍ය හරහා විවිධ අර්ථ පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කිරීම සිදුකරයි. නිර්මාණකරුවන් තම ආඛ්‍යාන හරහා විවිධ අර්ථ ජනනය කිරීමට උත්සාහ කරන අයුරින්ම පේ‍්‍රක්ෂකයා විසින්්ද එම දෘශ්‍ය සංඥා පද්ධති මඟින් විවිධ අර්ථ ජනනය කරගනී. නිර්මාණකරුගේ ප‍්‍රයත්නය වන්නේ අතිවිශාල වශයෙන් වූ සංඥාකාරක විවිධ ආකාරයෙන් යොදාගනිමින් පේ‍්‍රක්ෂකයාට අර්ථ ජනනය කිරීමයි. භාෂාවෙහි මූලික එ්කකයක් වශයෙන් වචනය ඉදිරිපත් වන නමුත් සිනමාවෙහි සිනමාවෙහි මූලික එ්කකය වන්නේ රූප කණ්ඩයයි (Shot).

දෘශ්‍ය භාෂාව හැඩගැසී ඇති ආකාරය පිළිබ`දව ස්ටෑම්ගේ විග‍්‍රහයට අනුව (Stam, 2000)  නිශ්චිත සංඥා පද්ධතියකින් යුක්ත සාහිත්‍යමය භාෂාවක් ලිඛිත ද්‍රව්‍ය හරහා තම ප‍්‍රකාශනය ඉදිරිපත් කරන අතර සිනමාවෙහි දෘශ්‍ය භාෂාව මාර්ග (Tracks) පහක් ඔස්සේ තම ප‍්‍රකාශනය ඉදිරිපත් කරයි. මූලික වශයෙන්ම චලන රූපය, පටිගත කරන ලද වාග් විෂයික (Phonetic) ශබ්ද, පටිගත කරන ලද සංගීතය සහ රචනය මඟින් මෙය ඉදිරිපත් කරයි. සිනමාව, මනාව හා පිළිවෙළකට අනුව විදහා දක්වන සුවිශේෂ ව්‍යවහාරයක් (Signifying Practice), කතිකාවක් (Discourse), කලාත්මක භාෂාවක් වේ. යම් සාහිත්‍යමය භාෂාවක් මඟින් පණිවුඩ ප‍්‍රකාශයට පත්කරන ආකාරය සංකේතමය රචනයක් වන අතර සිනමා භාෂාවේ අදහස් පණිවුඩ ප‍්‍රකාශයට පත්කරන ආකාරය මාර්ග (Tracks) 5 ක් ඔස්සේ සිදුවේ. ප‍්‍රතිනිර්මාණය කරන ලද රූපය චලනය කිරීම (Moving Photographic Image) පටිගත කරනලද වාග් විෂයික ශබ්ද (Recorded Phonetic Sounds), පටිගත කළ ශබ්ද (Recorded Noises), පටිගතකළ සංගීතමය ශබ්ද (Recorded Musical Sounds) සහ රචනය (Writing) යනාදියයි. එක් අතකින් මෙය සංජනනාත්මක අත්දැකීම් තුළින් වටහාගත හැකි ඉන්ද්‍රිය සම්බන්ධී ඒකත්වයකින් (Technico-Sensorial Unity)  යුක්ත සුවිශේෂ භාෂාවකි.”

මතු සම්බන්ධයි…

- විජේසිංහ දිසානායක-

About these ads

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Top Posts & Pages

Twitter Updates

Blog Stats

  • 1,937 hits
sinhalaya sindiya
March 2013
M T W T F S S
« Feb   Apr »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 1,485 other followers

Follow

Get every new post delivered to your Inbox.

Join 1,485 other followers

%d bloggers like this: