Latest Post

තොරතුරු අයිතිය ලබාදීම සහ රාජ්‍ය අංශය මුහුණදෙන අභියෝග

තොරතුරු අයිතිය ලබාදීම සහ රාජ්‍ය අංශය මුහුණදෙන අභියෝග


පුරවැසියාට පොදු අධිකාරීන් සතු තොරතුරුවලට ප‍්‍රවේශවීම සඳහා ඇති අයිතිය ව්‍යවස්ථාපිත ලෙස තහවුරු කිරීම සඳහා සම්මත කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත මගින් පුරවැසියාට හිමිවිය යුතු අයිතිය පසුගිය පෙබරවාරි 04 වනදා සිට තහවුරු කෙරිණ. එහෙත් තොරතුරු කොමිසම පිහිටුවීම සහ එය සක‍්‍රීය ලෙස ක‍්‍රියාත්මක කිරීම මෙන්ම සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම පුරවැසියාට තොරතුරුවලට ප‍්‍රවේශය ලබාදීම යන කාර්යයන්වලදී රාජ්‍ය නිලධාරීන්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුව තිබේ.

ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රතිසංස්කරණයක් වශයෙන් මෙම නීතිය සම්මත කිරීම මූලික අංශ කීපයකින් වැදගත් වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය මානව හිමිකමක් ලෙස තහවුරු කිරීම මෙහි ඇති පළමු කාරණයයි. එය ජාත්‍යන්තර නීති පද්ධතීන් යටතේ මෙන්ම සියලු ප‍්‍රධාන කලාපීය මානව හිමිකම් පද්ධති යටතේ ද මානව අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති අතර 1980 ජූනි මාසයේ දී ශ‍්‍රී ලංකාව නිල වශයෙන් අනුමැතිය පළ කළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියේ (ICCPR) 19 වගන්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් කරන ලද 2011 පොදු ප‍්‍රකාශනය තුළ ද, මානව හිමිකම් පිළිබඳ අන්තර් ඇමෙරිකානු අධිකරණය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු තුළ ද, අප‍්‍ර‍්‍රිකාවේ ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ වූ මූලධර්ම ප‍්‍රකාශනය තුළ ද පිළිබිඹු වේ. Continue reading

Advertisements

Aside

  • To get full report go to this link... http://hdr.undp.org/en/reports/national/asiathepacific/srilanka/Sri%20Lanka%20Human%20Development%20Report%202012.pdf

Recent Posts

Follow කතිකා on WordPress.com

Twitter Updates

Error: Twitter did not respond. Please wait a few minutes and refresh this page.

Follow me on Twitter

Google Translator

Instagram Feed

There was an error retrieving images from Instagram. An attempt will be remade in a few minutes.

sinhalaya sindiya
November 2017
S M T W T F S
« Sep    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 73 other followers

Tags

%d bloggers like this: