you're reading...
Uncategorized

දෘශ්‍ය දූෂණය – මානවයාගේ දෘශ්‍ය සමග බැ`දි සම්බන්ධතාව…


avpdesignyoutrustමානවයාගේ දෘශ්‍ය සමග බැ`දි සම්බන්ධතාව ප‍්‍රාග් ඓතිහාසික වන අතර එමනිසාම ඒ මගින් විවිධ සමාජ අවධීන්වල ජීවත්වූ මානවයා කෙරෙහි සිදුකර ඇති බලපෑම ද සුවිශාලය. එම දෘශ්‍ය පරිණාමීය විකාශය තුළ අද්‍යතන රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය අතථ්‍ය ආඛ්‍යානයක් බවට පත්වී ඇති අතරම ඒ මගින් නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයා අරමුණු සහගතව මෙහෙයවීමකට ලක්කරනු ලබයි.
මානවයා ද්‍රව්‍යමය ලෝකය සමග අනිවාර්ය සම්බන්ධතා පවත්වන ආකාරයටම යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී රූපවාහිනී මාධ්‍යය ද, ස්වභාව ධර්මය සමග සුවිශේෂ සම්බන්ධතාවක් පවත්වයි. මිනිසා ද්‍රව්‍යමය ලෝකය සමග සහ සොබාදහම සමග අන්තර් ක‍්‍රියාවෙහි යෙදෙත්ම ද්‍රව්‍යමය ලෝකය නිරන්තරයෙන්ම ඔහු මතද, ඔහුගේ චිත්තවේග, විඥාණය සහ අභිමතය මතද, බලපෑම් ඇතිකරයි. ඒ නිසා විඥානයේ බිහිවීම පමණක් නොව එහි අන්තර්ගතයද, ද්‍රව්‍ය මත රඳා පවතී. ඒ මිනිසාගේ සියළු දැනුම අවට ලෝකයෙන් ව්‍යුත්පන්නව ඇති බැවිනි. එය මානවයාගේ ඉන්ද්‍රියන්, ස්නායූ, චින්තනය හා පැවැත්ම ද තීරණය කිරීමට තරම් බලවත් වේ. රූපවාහිනී මාධ්‍යයෙන් සිදුකරන්නේ එම භෞතික ලෝකයෙහි ඇති ද්‍රව්‍ය ප‍්‍රතිනිර්මාණය කිරීමක් වන අතර එහි  අද්‍යතන භාවිතය තුළ ප‍්‍රබල ප‍්‍රකාශන ශක්තිියකින් යුක්ත දෘශ්‍ය ගොඩනැංවීම ¥ෂණයකට ලක්වී ඇති ආකාරය නිරීක්ෂණය වන අතර ඒ මගින් ග‍්‍රාහකයා සංකීර්ණ ලෙස මෙහෙයවීම මෙන්ම ප‍්‍රබල සමාජීය බලපෑමක් ද සිදුකරනු ලබයි.මුල්ම මානවයා සතුව වාචිකල සංවිධිත භාෂාත්මක සන්නිවේදනයක් සිදු නොවූ අතර තම මූලික සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතික පරිසරය හා සම්බන්ධ සියලූ තත්ත්වයන් සහ සිදුවීම් සංජානනය කරගනු ලැබුවේ දෘශ්‍ය භාවිත කරමිනි. වසර සිය ගණනක් තිස්සේ විවාදයක් පැවතුන ද ස්වැන්ස්ටන් (Swanston, 2001)  සමස්තයක් වශයෙන් මානව සංජානන ක‍්‍රියාවලිය විෂයමූලික පාරිසරික ද්‍රව්‍ය පදනම් කරගෙන සකස්වී ඇති බව පැහැදිලි වේ. මූලික වශයෙන්ම මානව සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතිකය සංජානනය කර ගැනීමේ මාධ්‍යයක් වශයෙන් ද, දෘශ්‍ය ප‍්‍රබල ලෙස භාවිතාකර ඇත. මානව චින්තනයේ සියළුම ක‍්‍රියාකාරිත්වයන්වල පදනම ඉඳුරාම භෞතික පරිසරයෙහි ඇති දෘශ්‍ය ප‍්‍රකාශන වේ. මේ අනුව වර්තමාන දෘශ්‍ය තාක්ෂණික මාධ්‍ය වන සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය භාවිතය තුළ පමනක් නොව ප‍්‍රාග් මානව ඉතිහාසය තුළ පවා ඉතා ප‍්‍රබල ලෙස රූපය විධිමත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කොට ඇති බව පෙනේ. ප‍්‍රාථමික මානවයා නිර්වාචික සන්නිවේදනයෙහි යෙදුන කාලයේ දී තම විවිධ අත්දැකීම් ප‍්‍රකාශයට පත්කර තිබුනේ විවිධ ඉ`ගි, අභිනයන් සහ චිත‍්‍ර වැනි දෘශ්‍ය පදනම් කරගත් මාධ්‍ය භාවිතයෙනි.

මානවයා බාහිර පරිසරය දෘශ්‍ය මඟින් සංජානනය කරගැනීමත්, එම දෘශ්‍ය ආශ‍්‍රයෙන් සංයුක්ත චින්තනය ක‍්‍රියාත්මකවීමත්, සංවිධිත භාෂාව ඇතිවීමත් මඟින් ව්‍යුක්ත චින්තනය බිහිවීමට ද අදාළ පදනම සකස්වී තිබේ. දෘශ්‍ය මාධ්‍යයේ ප‍්‍රබලත්වය සහ මානවයා සමඟ එහි ඇති දැඩි සම්බන්ධතාව මේ අනුව පැහැදිලි වේ. මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය මගින් ඔහුගේ චින්තනය, විඥානය (Consciousness)  හැඩගස්වනු ඇත. යම් භෞතික වස්තුවක් හ`දුනාගැනීම සඳහා දෘශ්‍ය ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යවන අතර උපතින්ම අන්ධ අයෙකුට එය නිශ්චිතව අර්ථකථනය කරගැනීමට නොහැකි වන්නේ මේ පදනම මතය. චිත‍්‍ර ශිල්පියෙකු අන්ධ පුද්ගලයෙක් සමග කරන දෙබසක් යොදාගෙන පිංතූරයක් (Picture) යනු කුමක්ද යන්න පිළිබඳව කලා ඉතිහාසඥ ලියෝ ස්ටෙයින්බර්ග් (Leo Steinberg) විසින් කර ඇති පර්යේෂණයක් ආශ‍්‍රයෙන් ලෝප්ස් විග‍්‍රහ කරන ආකාරයට (Lopes, 1997) පැහැදිලි වන්නේ එම පුද්ගලයාට භෞතික ද්‍රව්‍යමය ලෝකය හ`දුනාගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව යථාර්ථය පසක්කර ගැනීමේදී දෘශ්‍ය මාධ්‍ය කෙතරම් අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ද යන්න පැහැදිලි වේ.

දෘශ්‍ය දූෂණය – මතු සම්බන්ධයි…

– විජේසිංහ දිසානායක-

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
February 2013
S M T W T F S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: