you're reading...
Television

රූපවාහිනී මාධ්‍ය මගින් සිදුවන දෘශ්‍ය දූෂණය (Visual Pollution in Television) – 2 වන කොටස…


article-new_ehow_images_a05_55_et_impact-violence-media-800x800Introduction and Background.,

මානවයාගේ දෘශ්‍ය සමග බැ`දි සම්බන්ධතාව ප‍්‍රාග් ඓතිහාසික වන අතර එමනිසාම ඒ මගින් විවිධ සමාජ අවධීන්වල ජීවත්වූ මානවයා කෙරෙහි සිදුකර ඇති බලපෑම ද සුවිශාලය. එම දෘශ්‍ය පරිණාමීය විකාශය තුළ අද්‍යතන රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය අතථ්‍ය ආඛ්‍යානයක් බවට පත්වී ඇති අතරම ඒ මගින් නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයා අරමුණු සහගතව මෙහෙ යවීමකට ලක්කරනු ලබයි. මානවයා ද්‍රව්‍යමය ලෝකය සමග අනිවාර්ය සම්බන්ධතා පවත්වන ආකාරයටම යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී රූපවාහිනී මාධ්‍යය ද, ස්වභාව ධර්මය සමග සුවිශේෂ සම්බන්ධතාවක් පවත්වයි. මිනිසා ද්‍රව්‍යමය ලෝකය සමග සහ සොබාදහම සමග අන්තර් ක‍්‍රියාවෙහි යෙදෙත්ම ද්‍රව්‍යමය ලෝකය නිරන්තරයෙන්ම ඔහු මතද, ඔහුගේ චිත්තවේග, විඥාණය සහ අභිමතය මතද, බලපෑම් ඇතිකරයි. ඒ නිසා විඥානයේ බිහිවීම පමණක් නොව එහි අන්තර්ගතයද, ද්‍රව්‍ය මත රඳා පවතී. ඒ මිනිසාගේ සියළු දැනුම අවට ලෝකයෙන් ව්‍යුත්පන්නව ඇති බැවිනි. එය මානවයාගේ ඉන්ද්‍රියන්, ස්නායූ, චින්තනය හා පැවැත්ම ද තීරණය කිරීමට තරම් බලවත් වේ. රූපවාහිනී මාධ්‍යයෙන් සිදුකරන්නේ එම භෞතික ලෝකයෙහි ඇති ද්‍රව්‍ය ප‍්‍රතිනිර්මාණය කිරීමක් වන අතර එහි අද්‍යතන භාවිතය තුළ ප‍්‍රබල ප‍්‍රකාශන ශක්තිියකින් යුක්ත දෘශ්‍ය ගොඩනැංවීම දූෂණයකට ලක්වී ඇති ආකාරය නිරීක්ෂණය වන අතර ඒ මගින් ග‍්‍රාහකයා සංකීර්ණ ලෙස මෙහෙයවීම මෙන්ම ප‍්‍රබල සමාජීය බලපෑමක් ද සිදුකරනු ලබයි.

මුල්ම මානවයා සතුව වාචිකල සංවිධිත භාෂාත්මක සන්නිවේදනයක් සිදු නොවූ අතර තම මූලික සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතික පරිසරය හා සම්බන්ධ සියලූ තත්ත්වයන් සහ සිදුවීම් සංජානනය කරගනු ලැබුවේ දෘශ්‍ය භාවිත කරමිනි. වසර සිය ගණනක් තිස්සේ විවාදයක් පැවතුන ද ස්වැන්ස්ටන් (Michae Swanston) විග‍්‍රහ කරන පරිදි (Swanston, 2001)  සමස්තයක් වශයෙන් මානව සංජානන ක‍්‍රියාවලිය විෂයමූලික පාරිසරික ද්‍රව්‍ය පදනම් කරගෙන සකස්වී ඇති බව පැහැදිලි වේ. මූලික වශයෙන්ම මානව සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතිකය සංජානනය කර ගැනීමේ මාධ්‍යයක් වශයෙන් ද, දෘශ්‍ය ප‍්‍රබල ලෙස භාවිතාකර ඇත. මානව චින්තනයේ සියළුම ක‍්‍රියාකාරිත්වයන්වල පදනම ඉඳුරාම භෞතික පරිසරයෙහි ඇති දෘශ්‍ය ප‍්‍රකාශන වේ. මේ අනුව වර්තමාන දෘශ්‍ය තාක්ෂණික මාධ්‍ය වන සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය භාවිතය තුළ පමනක් නොව ප‍්‍රාග් මානව ඉතිහාසය තුළ පවා ඉතා ප‍්‍රබල ලෙස රූපය විධිමත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කොට ඇති බව පෙනේ. ප‍්‍රාථමික මානවයා නිර්වාචික සන්නිවේදනයෙහි යෙදුන කාලයේ දී තම විවිධ අත්දැකීම් ප‍්‍රකාශයට පත්කර තිබුනේ විවිධ ඉ`ගි, අභිනයන් සහ චිත‍්‍ර වැනි දෘශ්‍ය පදනම් කරගත් මාධ්‍ය භාවිතයෙනි.

මානවයා බාහිර පරිසරය දෘශ්‍ය මඟින් සංජානනය කරගැනීමත්, එම දෘශ්‍ය ආශ‍්‍රයෙන් සංයුක්ත චින්තනය ක‍්‍රියාත්මකවීමත්, සංවිධිත භාෂාව ඇතිවීමත් මඟින් ව්‍යුක්ත චින්තනය බිහිවීමට ද අදාළ පදනම සකස්වී තිබේ. දෘශ්‍ය මාධ්‍යයේ ප‍්‍රබලත්වය සහ මානවයා සමඟ එහි ඇති දැඩි සම්බන්ධතාව මේ අනුව පැහැදිලි වේ. මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය මගින් ඔහුගේ චින්තනය, විඥානය (Consciousness) හැඩගස්වනු ඇත. යම් භෞතික වස්තුවක් හ`දුනාගැනීම සඳහා දෘශ්‍ය ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යවන අතර උපතින්ම අන්ධ අයෙකුට එය නිශ්චිතව අර්ථකථනය කරගැනීමට නොහැකි වන්නේ මේ පදනම මතය. චිත‍්‍ර ශිල්පියෙකු අන්ධ පුද්ගලයෙක් සමග කරන දෙබසක් යොදාගෙන පිංතූරයක් (Picture) යනු කුමක්ද යන්න පිළිබඳව කලා ඉතිහාසඥ ලියෝ ස්ටෙයින්බර්ග් (Leo Steinberg) විසින් කර ඇති පර්යේෂණයක් ආශ‍්‍රයෙන් ලෝප්ස් විග‍්‍රහ කරන ආකාරයට (Lopes, 1997)  පැහැදිලි වන්නේ එම පුද්ගලයාට භෞතික ද්‍රව්‍යමය ලෝකය හ`දුනාගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව යථාර්ථය පසක්කර ගැනීමේදී දෘශ්‍ය මාධ්‍ය කෙතරම් අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ද යන්න පැහැදිලි වේ.

මානවයාගේ පැවැත්ම සමග සෘජු ලෙසම සම්බන්ධ වන ශාරීරික ඉන්ද්‍රියන් මඟින් පාරිභෝජනය කරන ජලය, පස, වාතය, ශබ්දය ආදී පරිසරයෙහි ඇති විවිධ ක්ෂේත‍්‍රයන් මිනිසාගේම මැදිහත්වීම නිසා දූෂණයට ලක්වී ඇති ආකාරයටම බාහිර පරිසරය තුළ මෙන්ම රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය මගින් දෘශ්‍ය දූෂණයක් ද සිදුවී ඇත. අද්‍යතන රූපවාහිනී මාධ්‍ය භාවිතය මඟින් සමාජ විඥානයේ සියලූම ක්‍ෂේත‍්‍ර වේගයෙන් ජනමාධ්‍යකරණය කෙරේ. මෙහිදී රූපවාහිනී මාධ්‍යයේ තියුණු ශක්‍යතාවන් සූක්‍ෂමව භාවිත කරනු ලබන අතර සමාජ විශ්වාසයන් හා චර්යාවන් පිළිබඳ ජනතාවට ප‍්‍රමිතීන් ද සපයමින් දැඩි සංස්කෘතික හා සමාජීය බලපෑම් ඇති කෙරේ. මූලික වශයෙන්ම ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය, තරඟකාරී සමාජ රටාව, ජනපි‍්‍රය සංස්කෘතිය හා පශ්චාද්නූතන තත්වය (Postmodern Condition) වැනි සමාජ ප‍්‍රවනතා සමග ගෘහ නිර්මාණ ශිල්පය, නාගරික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළින් වර්ධනයවූ තරඟකාරී හා සංකීර්ණ දෘශ්‍යමය ගොඩනැංවීම් වර්තමානය වන විට දියුණු සන්නිවේදන මාධ්‍යයක් වන රූපවාහිනී මාධ්‍යයේ හේමාල රූපය (Simulacrum) සහ එහි මතවාදය (Visual Ideology) දක්වා වර්ධනයවී ඇත. දෘශ්‍ය ප‍්‍රකාශනයේ පැවැත්මේ ආකාරය තාක්ෂණීකරණය, ජනමාධ්‍යවේදීකරණය වී ඇති අතර ඒ මගින් පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල කම්පනයක් ඇති කිරීමේ හැකියාවක් නිර්මාණයවී ඇත. මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය ඔහුගේ චින්තනය, විඥානය සහ චර්යාව (Behaviour) තීරණය කිරීමේ දාර්ශනික පසුබිම තුළ එම මාධ්‍ය මඟින් විකාශය කරනු ලබන දෘශ්‍යයෙහි ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත.

60 දශකයේ දී හබමාස්ගේ පර්යේෂණ සාහිත්‍ය තුළ දක්නට ලැබූ පොදු අවකාශය පිළිබ`ද අදහස ආශ‍්‍රයෙන් මසූදා පෙන්වා දෙන ආකාරයට (Masuda, 1985) කාර්මික යුගයේ දී බහුතරයේ කැමැත්ත මත පිහිටුවාගනු ලැබූ පාර්ලිමේන්තු ක‍්‍රමය අද්‍යතන තොරතුරු සමාජය තුළ රටවැසියා දේශපාලන ක‍්‍රියාවලියට සෘජු ලෙස දායක වන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා පරිවර්තනය වී ඇත. පොදුජනයාට සමාජ ක‍්‍රියාකාරීත්වයට සෘජු ලෙසම දායක විය හැකි අතර පොදුජන ව්‍යාපාර සමාජ වෙනසක් ඇතිකිරීම ස`දහා දායක වන ප‍්‍රධාන බලවේගය බවට පත්ව තිබේ. මේ ස`දහා මූලික ප‍්‍රවේශය සපයනු ලබන්නේ අද්‍යතන තොරතුරු ශිෂ්ඨාචාරයේ සක‍්‍රීය මාධ්‍ය වන බව ඔහුගේ තර්කය වේ.

වහබ් පෙන්වාදෙන පරිදි (Wahab, 2009)  රූපවාහිනී මාධ්‍යය නූතන සමාජය තුළ විවිධ ගැටළු පිළිබ`ද පොදුජන කතිකාවක් නිර්මාණය කිරීමට උත්තේජනයක් ලබාදෙන අවකාශමය මණ්ඩපයක් (Spatial Forum) ලෙස ඉදිරිපත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියට අත්‍යවශ්‍ය වන්නා වූ සමාජයේ විවිධ ගැටළු සම්බන්ධ පොදුජන සාකච්ඡුාව පිළිබ`ද මාධ්‍යයක් හා මණ්ඩපයක් වශයෙන් සියලූ දෙනාට පොදු අවකාශයෙහි සමාන අවස්ථාවක් හිමිවීම සහ තනි පුද්ගලයන්ට ඔවුනොවුන් අතර අදහස් සන්නිවේදනයට, හුවමාරුවට (Negotiate), සන්ධානයට (Articulate) සුවිශේෂ අවස්ථාවක් අද්‍යතන රූපවාහිනිය මගින් හිමිවනු ඇතැයි හබමාස් අපේක්ෂා කළ ද (Habermas:1962, translated by Burger: 1989) වර්තමානයේ එය ඉටු නොවන තත්වයක් නිර්මාණයවී තිබේ. ඇඩර්නෝ සහ හොක්හීමර්ස්ට අනුව (Adorno and Hokheimer, 1944: translated in 1993) අද්‍යතන මාධ්‍ය මගින් පාරිභෝගිකයා සහ කර්මාන්ත අතර දැඩි බැ`දීමක් (Bond) ඇතිකරයි. මෙම වෙළ`දපොළ ක‍්‍රියාකාරීත්වය මගින් ලබන ලාභාංශ කර්මාන්ත හිමිකරුවන් අතට පත්වේ. සංස්කෘතික නිෂ්පාදනයක් දැන්වීම් ස`දහා යොදාගත යුතු ආකාරය පිළිබ`දව ඔවුන්ට මනා වැටහීමක් ඇත. සංස්කෘතික කර්මාන්තය හා වෙළ`ද ප‍්‍රචාරණය තාක්ෂණිකව මෙන්ම ආර්ථිකමය වශයෙන් ඒකාබද්ධ (Merge) වීමත් සමග හබමාස් අදහස් කළ පොදු අවකාශය පෞද්ගලීකරණයට ලක්වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගුවන් කාලයෙන් වැඩි කාලයක් වෙළ`ද ප‍්‍රචාරණය ස`දහා වෙන්කිරීම සිදුකරයි. එමෙන්ම ශ‍්‍රී ලාංකේය සමාජයට අදාළව විග‍්‍රහ කිරීමේ දී පැහැදිලි වන්නේ වාණිජ ප‍්‍රාග්ධනයට අමතරව දේශපාලන ප‍්‍රාග්ධනයේ මෙහෙයවීම අනුව ද වැඩි ගුවන් කාලයක් භාවිතා කරන ආකාරයයි. මේ අනුව හබමාස් අදහස් කළ පරිදි පොදු අවකාශය පොදුජනයාගේ සාකච්ඡුා මණ්ඩපයක් වශයෙන් ක‍්‍රියා කරනු වෙනුවට වෙනත් සමාජ අවශ්‍යතා ස`දහා භාවිතා කරන මණ්ඩපයක් බවට පත්ව තිබේ. වර්තමානය වනවිට ගෝලීය වශයෙන් ධනේශ්වර ක‍්‍රමයේ බහුවිධ ප‍්‍රචාරණ හා මතවාදී අවශ්‍යතා ඉටුකර ගැනීම ස`දහා අරමුණු සහගතව රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය සිදුකරන බැවින් වර්තමානයේ එය සාර්වර්ත‍්‍රික ආභාසන රූපයක් බවට පත්ව තිබේ. එම සන්දර්භය තුළ රූපවාහිනී මාධ්‍යය මගින් ප‍්‍රතිනිර්මාණිත බොහෝ දෘශ්‍ය දූෂිත දෘශ්‍ය ලෙස හ`දුනා ගනු ලබන අතර ශ‍්‍රී ලාංකේය රූපවාහිනිය මගින් විකාශය කරන එවැනි දූෂිත දෘශ්‍ය මගින් සිදුවන සමාජීය බලපෑම අධ්‍යයනය කිිරීම ස`දහා තෝරාගත් නියැදියක මතය විමසීම ස`දහා සමීක්ෂණයක් ද මෙම පර්යේෂණය මගින් සිදුකර ඇත.

Objective

රූපවාහිනී මාධ්‍යය ම`ගින් විකාශය කරනු ලබන දෘශ්‍ය පාලනය කිරීමට පේ‍්‍රක්ෂකයාට කිසිඳු හැකියාවක් නොමැති අතර එය පාලනය කරනු ලබන්නේ මාධ්‍යයෙහි නියුතු කුඩා කණ්ඩායම් විසිනි. නිකොලස් සහ ප‍්‍රයිස් දක්වන පරිදි (Nicholas, Price, 1998) ජන සංස්කෘතියේ පැවැති ස්වරූපය හෙවත් සංස්කෘතිය නිෂ්පාදනය කිරීමේ කාර්යය වර්තමානයේ සිදුකරනු ලබන්නේ ජනමාධ්‍ය කර්මාන්තයේ නියැලී සිටින මෙම කුඩා කණ්ඩායම් (Small Media Groups) විසිනි. පාලනයකින් තොර බැවින් මෙහි දෘශ්‍ය අධිකාරීමය ස්වභාවය ප‍්‍රබල ලෙස ග‍්‍රාහකයාට බලපානු ලැබේ. ශ‍්‍රී ලාංකේය සන්දර්භයට අදාළව ගත්විට දේශපාලනික හෝ වාණිජ ප‍්‍රාග්ධනයෙහි මෙහෙයවීමෙන් සිදුවන රූපවාහිනී මාධ්‍යයේ මෙම අවභාවිතය තුළ පේ‍්‍රක්ෂකයා දැඩි ලෙස මතවාදී මෙහෙයවීමකට ලක්කරයි. මේ මගින් පේ‍්‍රක්ෂකයා එම ආඛ්‍යානවලට අනුගත වීම, විරෝධය පෑම, විවිධ ප‍්‍රතිරූප අනුකරණයට පෙළඹීම මෙන්ම විවිධ ආකාරයෙන් චර්යාවෙහි ඇතිවන වෙනස්වීම් නිසා එය සාමාජීය ගැටලූවක් බවට පත්වී ඇත. දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය තුළ ඇතිවන ඉහත තත්වය පැහැදිලිව පරාවර්තනය කිරීම ස`දහා සුදුසුම ව්‍යවහාරය ලෙස ‘දෘශ්‍ය දූෂණය’ යන භාවිතය හ`දුනාගැනීම හා එය සමාජ ගතකිරීම මෙන්ම සාර්වර්ත‍්‍රික ලෙස අද්‍යතන රූපවාහිනී මාධ්‍යයෙහි සිදුවන දෘශ්‍ය දූෂණය තුළ ලාංකේය සන්දර්භෙයෙහි ඇතිවී තිබෙන දෘශ්‍ය අපහරණය මඟින් සාමාන්‍ය මානව චර්යාව කෙරෙහි සිදුකරනු ලබන බලපෑම අධ්‍යයනය කිරීම මෙහි අරමුණ වේ.

මතු සම්බන්ධයි…😉😉

– විජේසිංහ දිසානායක-

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
March 2013
S M T W T F S
« Feb   Apr »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: