you're reading...
Uncategorized

යුක්රේන අර්බුදය – බටහිර ද? නැගෙනහිර ද?


Ukraine-Mapබොහෝදෙනා සිතා සිටින්නේ බටහිර සහ එක්සත් ජනපදය මෙලොව බිහිවී ඇති ගැලවුම්කාරයා බවය. පරමාදර්ශී මොඩලය බවය. රුසියාව ක්‍රයිමියා වලට හමුදා යැවූ පසු බටහිර සහ එක්සත් ජනපදය සුපුරුදු බටහිර මාධ්‍ය මොඩලය යොදාගෙන ඉතිහාසයේ සිදුවූ ඛේදනීයම සිදුවීම ලෙස සුපුරුදු අර්ථකතනය ඉදිරිපත් කරයි. ඉතිහාසය සාර්වර්ත්‍රික වශයෙන් ගැටුම් හා බලය සදහා කරන බල අරගල මගින්ම නිර්මාණය වී ඇති බව අමතක කර ඇති ප්‍රෝ-බටහිර ලාංකිකයන් මෙය රුසියාවේ තක්කඩි කමක් යැයි හදුන්වද්දී ඇන්ටි-බටහිරයන් මෙය යුක්රේනය හරහා වැටී ඇති තම තෙල් සහ ගෑස් නළ ආරක්ෂා කර ගැනීම සදහා මෙන්ම නේටෝ සංවිධානය කලාපයේ ආධිපත්‍ය පතුරුවා ගැනීමට දක්වන රුසියානු ප්‍රතිරෝධයක් ලෙස අර්ථ දක්වයි. අද දින මාධ්‍ය අමතමින් රුසියානු ජනාධිපති පුටින් කියා සිටියේ ක්‍රයිමියාවට හමුදාව යවනු ලැබුවේ යුක්රේනයේ ව්‍යවස්ථානුකූල  රාජ්‍ය නායකයෙක් නොසිටින වාතාවරණයක් සහ තවදුරටත් ජනාධිපති යනුකොවිච් බලයේ නොසිටින තත්වයක් තුළ කියෙව් මූලිකව වර්ධනය වෙමින් ඇති නවීන අවි ආයුධවලන් සන්නද්ධ නාසිවාදී කල්ලි වලින් ක්‍රයිමියා ජනතාව ප්‍රමුඛ  එරට ජනතාව ගලවා ගැනීම සදහා බවයි.

මේ අතර එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමා මෙන්ම රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් බටහිර රාජ්‍ය නායකින්ගේ අදහස වූයේ මෙය යුක්රේනයේ ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට සිදුකරන හානියක් මෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් බවයි. අපේ රටේ සමහර විචාරකයන් ද, අදහස් කරන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් රටවල් මේ මොහොතේ යුක්රේනය වෙනුවෙන් පෙනීසිටියේ ඔවුන් තුළ ඇති ප්‍රගතිශීලී ගුණය නිසා වන බවයි. සමස්ත ලෝක ප්‍රජාවේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මානව හිමිකම් රැකීම කෙරෙහි ඔවුන් දක්වන සුවිශේෂී ලැදියාව නිසා බවයි. මේ පිළිබදව එක් පුරවැසි මාධ්‍යෙව්දියෙක් කදිම නිදසුනක් සපයා තිබුණි. එනම් ආර්ථික කරුණු මත චීනය මෙන්ම එක්සත් ජනපදය මියන්මාරය කෙරෙහි මැදිහත් වුන ද, එරට ජනතාව මර්දනය කරමින් ගෙනගිය මිලිටරි පාලනය බල රහිත කිරීමට තවදුරටත් එරට ජනතාවට බලයක් නොමැති අවස්ථාවේදී චීනය තක්කඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී එක්සත් ජනපදය ප්‍රගතිශීලී ලෙස එරට සෞභාග්‍ය වෙනුවෙන් මැදිහත්වූ බවයි. බැලූ බැල්මට එම අවස්ථාව ප්‍රගතිශීලී පියවරක් ලෙස පෙනී ගියත්, එය තිබූ අසහණකාරී තත්වයෙන් මිදෙන්නට මියන්මාරයට ලැබුණු වි‍‍ශේෂ අවස්ථාවක් වුනත්, මෙය එක්සත් ජනපදයේ ලැදියාව හෝ කැපවීම ලෙස අර්ථකථනය කිරීම කිසිසේත්ම සාධාරණ නොවේ. මෙහිදී සිදුවූයේ එක්සත් ජනපදය තවදුරටත් ලෝකය තුළ නිර්මාණය කර ඇති, තමා සමස්ත ලෝකය සම්බන්ධයෙන් තීරණ ගත හැකි සර්ව බලධාරී දෙවියාය යන මතවාදය හා අධිකාරීත්වයේ සමකාලීන වලංගුභාවය තවදුරටත් ස්ථාපිත කරමින් සූක්ෂම ලෙස එරට ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍ර ආක්‍රමණය කිරීමයි.එහෙත් එක්සත් ජනපදය හා බටහිර රටවල් එක්ව ඉරාකයේ, ඇෆ්ගනිස්තානය මෙන්ම ලිබියාව ආක්‍රමණය කිරීමේදී එම රටවල ස්වෛරීභාවය හෝ මානව අයිතිවාසිකම් හෝ ජාත්‍යන්තර නීතිය පිළිබද කිසිදු තැකීමක් කළ බව පෙනෙන්නට තිබුනේ නැත. අඩුතරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ විධිනියෝගයන් ද, පිළිනොපදිමින් තම අධිකාරීත්වය එම රටවල ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවගේ ජීවිත මත පතිත කර හැරියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ නොසලකා හරිමින් ඉහත ආකාරයෙන් ලිබියාව ආක්‍රමණය කළා පමණක් නොව විශාල වශයෙන් යුධ අපරාධ සිදුකළ සාක්ෂි ද ඕනෑතරම් ඉතිරිකර ඇත. මේ අනුව මෙයට අදාල කියවීම වන්නේ විවිධ භූ දේශපාලනආර්ථිකමය බල අවශ්‍යතා මත කාලීන හා නිශ්චිත තත්වයන්ට සාපේක්ෂව බටහිර මෙන්ම නැගෙනහිර ද, තම පෙනීසිටීම් සිදුකරනවා හැර මානව හිමිකම්, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය කෙරෙහි ආදරය නොකරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය හා බැදි සංකල්ප මතවාදයක්ම පමනක් වන බව හා ඒවා කාලය, අවකාශය හා විවිධ සමකාලීන තත්වයන්ට සාපේක්ෂ වන විවිධ රාජ්‍යයන්හි බල උපකරණ වී ඇති ආකාරයයි.

ඔබේ අදහස්වලට ගරු කරමි…

Discussion

One thought on “යුක්රේන අර්බුදය – බටහිර ද? නැගෙනහිර ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
March 2014
S M T W T F S
« Jan   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: