you're reading...
Uncategorized

සැණකෙළි පාලනයේ අවසානය සහ පොදු අවකාශයේ පාලනය


youth_voteමෙවර ජනාධිපතිවරණය තරුණ ඡන්ද දායකයාගේ හා නව/සමාජ මාධ්‍යවල ද බලය පෙන්වූ මැතිවරණයක් විය. පැවැති පවුල් පාලනය, වංචා-දූෂණ සහ ජාතික සම්පත් කාබාසිනියා කරන ජනපති පුතුන්ගේ නොමනා හැසිරීම කෙරෙහි නිරන්තරයෙන් දැනුවත් වන අන්තර්ජාලය භාවිතා කරන තරුණ පරපුර මෙවර සමස්ත දේශපාලනඥයාටම පාඩමක් කියා දුන්නේය. ඒ තරමටම මෙරට තරුණ ඡන්ද දායකයා බුද්ධිමත් යන අදහස කිසිසේත්ම මෙයින් අදහස් වියයුතු නොවේ. අවනීතියේ පාලනය උග‍්‍ර ලෙස සමස්තය කෙරෙහි බලපා තිබීම මෙයට හේතුව වන්නට අැත.

හබමාස් විග‍්‍රහ කරන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියට අත්‍යවශ්‍ය වන්නා වූ, සමාජයේ ඇති විවිධාකාර ගැටළු සම්බන්ධ පොදුජන සාකච්ඡාව පිළිබද මාධ්‍යයක් හා මණ්ඩපයක් වශයෙන් සියලූ දෙනාට පොදු අවකාශයෙහි සමාන අවස්ථාවක් හිමිවේ. තනි තනි පුද්ගලයන්ට ඔවුනොවුන් අතර අදහස් සන්නිවේදනයට, හුවමාරුවට, සන්ධානයට මෙම සමාජ මාධ්‍ය ස්ථානගතවී ඇති පොදු අවකාශය මගින් සුවිශේෂ අවස්ථාවක් නිර්මාණය කර තිබේ. එහෙත් සමාජ මාධ්‍ය නූතන සමාජය තුළ විවිධ ගැටළු පිළිබදව පොදුජන කතිකාවක් නිර්මාණය කිරීමට උත්තේජනයක් ලබාදෙන අවකාශමය මණ්ඩපයක් යැයි තවමත් මෙරට බහුතර දේශපාලන සංවිධානවලට අවබෝධයක් තිබේයැයි සිතිය නොහැකිය.මෙරට තරුණ පරපුරෙන් ලක්ෂ 20 ක් පමණ භාවිත කරන සමාජ වෙබ් අඩවි ජාලය වන්නේ ‍ෙෆ්ස්බුක් වෙබ් අඩවියයි. මෙය වැඩිම ශ‍්‍රී ලාංකික ග‍්‍රාහකයන් ප‍්‍රමාණයක් සිටින සමාජ ජාලයයි. මෙරට කුඩා පක්ෂයක් වූ ජාතික හෙළ උරුමය වසර ගණනකම සිට නව හා සමාජ මාධ්‍ය තම දේශපාලන ව්‍යාපාරයට යොදාගැනීම පිළිබදව සාපේක්ෂව  වැඩි අත්දැකීම් හා දැනුමක් සහිත කණ්ඩායම්ක් විය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ ද සමාජ මාධ්‍ය සාර්ථකව යොදාගන්නා ආකාරයක් පෙනෙන්නට තිබේ. එහෙත් රාජපක්ෂ පාලනයේ සිටි දේශපානඥයන්ට, නිලධාරීන්ට සමාජ මාධ්‍ය පිළිබදව හෝ ඒ වටා සිටින තරුණ ග‍්‍රාහකයින්ගේ හැසිරීම පිළිබදව ප‍්‍රමාණවත් කියවීමක් හෝ දැනුමක් නොතිබුණි. ඊට වඩා සිංහල බෞද්ධ ඡන්ද පදනම පිළිබදව අධිතක්සේරුවකින් පසුවිය. එහෙත් පොදු අපේක්ෂකයා වටා එක් වූ බහුමතවාදී දේශපාලන කණ්ඩායම් අතර වූ තරුණ දේශපාලන ව්‍යාපාර පොදු අවකාශයේ සැරිසරන, නිශ්චිත තීරණයක නොසිටි පාවෙන තරුණ ඡන්දදායකයින් තම මතය කෙරෙහි ආකර්ශනය කර ගැනීමට සමත් විය.

2005 සිට 2010 කාලය තුළ පැවැති පාලනය එල්ටීටීඊ සංවිධානය සමග යුද්ධයකට පැටලී සිටි බැවින් 2010 න් පසු පාලන සමයේදී තරම් ප‍්‍රාථමික රාජාණ්ඩු පාලන උපකරණ සක‍්‍රීය වූයේ නැත. එහෙත් 2010 න් පසු පාලනයේදී පිළිකාවක් මෙන් සමස්ත සමාජ ව්‍යුහයම පුරා ඔඩු දුවමින් ව්‍යාප්තව තිබුනේ පැරැණි, නූගත් රජ පවුලක අවනීතියයි. ජාත්‍යන්තර ණය දෙන ආයතන මගින් සුවිසාල ණය මුදල් ලබාගෙන සත්‍ය වියදම මෙන් කීපගුණයක් වැඩි ඇස්තමේන්තු සකස්කොට විවිධ ප‍්‍රමාණයේ ව්‍යාපෘති සදහා යොදවා, ඥාතීන් හා හිතවතුන් අතර බෙදා ගැනීමේ කොමිස් පාලනයක් ගෙන ගියේය.

රටේ සිව්වන ආණ්ඩුව වන ජනමාධ්‍යයද සමස්තයක් වශයෙන් මෙම පාලකයන් සතුවූ අවශ්‍යතා, විශ්වාස, වටිනාකම් හා දර්ශනය පිළිබිඹු කරන, පාලකයන්ගේ අධිපති, ග‍්‍රාමීය මතවාදය මගින් මහෛයවන තත්වයට පත්වී තිබුණි.

දැන් අප එම පාලනය වෙනස් කර හමාරය. ඡන්න දායකයින්ගේ බලාපෙරොත්තුව කුමක්ද? මෙම සමාජ ක‍්‍රමය වෙනස් කිරීමයි. වෙනසක් කිරීමයි. රටකට අපමණ අගයක් ලබාදීමයි. දැන් මේ ඇතිවී තිබෙන පාලනය මගින් එවැනි සමාජ ක‍්‍රමයේ වෙනසක් සිදුවන්නේද?සිදුවන්නේ එක්තරා විදිහක ප‍්‍රතිසංස්කරණවාදී කාර්යයකි. දූෂිත සන්ධාන ඇමතිවරු වෙනුවට දූෂිත එජාප හෝ සන්ධානයේ සිටි ඇමතිවරුය. එවක සන්ධානයේ සිටි ජාතීවාදීන්ය. ජනතාව නව වෙනසක් බලාපොරොත්තු වුනේ පැවැති පාලනය මගින් ඉහළ සමාජ තලයේ සිටම පහළ සමාජ මට්ටමෙහි සිටින රටවැසියා දක්වා ඔවුනොවුන්ගේ ස්වයං අභිමානය, ගෞරවය පවා පාලනයේ අත්තනොමත්කත්වය මගින් නැතිකර තිබූ වාතාවරණයකදීය. එහෙත් අපේක්ෂිත ක‍්‍රමයේ වෙනසක් මෙමගින් සිදුවේයැයි සිතිය නොහැකිය. එනම් ප‍්‍රතිසංස්කරණවාදී ප‍්‍රවේශය වෙනුවට පුළුල් ව්‍යුහාත්මක් වෙනසක් ඉල්ලාසිටී.

නව පාලකයින්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් වුනේ රාජ්‍ය බලය හා දේශපාලන බලය පාවිච්චි කර සිදුකර ඇති පැවැති පාලනයේ දූෂණ, වංචා හා අක‍්‍රමිකතා සොයා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදෙන බවයි. නව පාලනයෙන් ජනතාව අපේක්ෂා කළ නීතියේ පාලනය හා යහපාලනය අනුව කිසිදු දූෂිත පුද්ගලයෙකුට වුවත් පළිගැනීමේ චේතනාවෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත නොහැකිය. එය සිදුවිය යුත්තේ නීතියේ ප‍්‍රතිපාදන අනුවමය. එසේ නොවන්නේ නම් නැවැත වරක් රට පැවැති අවනීතිය දෙසටම තල්ලුවිය හැකි වේ. පාලනය මෛත‍්‍රිය පාදක කරගත්තද, වැරදිකරුවන් නීතියේ රැහැනට හස්කර ගැනීමට බාධාවක් නොමැත. එය සිදුවිය යුත්තේ පළිගැනීමේ චේතනාවෙන් නොවිය යුතුයැයි අදහස් කරන්නේ බණ්ඩාරණායක මහතාගේ ප‍්‍රකාශයක් ද, සිහියට නගමිනි. ඔහු චීවරධාරියක්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් පසු රෝහලේදී ලියා ඇති මෙය ඔහුගේ අවසාන ලියවිල්ලයි.

‘‘භික්ෂු චීවරයෙන් සැරසුනු අඥාන මිනිසෙක් අද උදේ මගේ නිවසේදීම මට වෙඩි කිහිපයක් තැබුවේය. මේ මනුෂ්‍යයාට අනුකම්පාව දක්වන ලෙසත්, ඔහුගෙන් පළි ගැනීමට කිසිවක් නොකරන ලෙසත් මම සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවේදී ඉතා ඉවසිල්ලෙන් කාලය ගතකරන මෙන් මගේ රටවැසි ජනතාවට ආයාචනා කරමි. මගේ වෛද්‍යවරයන්ගේ උපකාරයෙන් මට කළ හැකි සේවය මගේ ජනතාවට තවදුරටත් කරගෙන යාමට මම හැකි උත්සාහයක්ම දරන්නෙමි. ඉතා සාමකාමීව ඉවසිල්ලෙන් සිටින ලෙසත්, ජනතාවට අහිතකර කිසිවකුත් නොකරන ලෙසත් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි. එළඹ ඇති අවස්ථාව ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් මුහුණ දෙමින් සන්සුන්ව සිටින මෙන් මා සමීප සම්බන්ධය ඇති සියල්ලන්ගෙනුත්, මගේ බිරිද වන බණ්ඩාරනායක මැතිනියගෙන් හා දරුවන්ගෙනුත්, මැති ඇමැතිවරුන්ගෙනුත්, මගේ සියලු මිත‍්‍රයන්ගෙනුත් ඉල්ලා සිටිමි.

මේ අනුව නව පාලනය මගින් ජනතාව අපේක්ෂා කරන්නේ සියලු දූෂිතයන්ට දඩුවම් දීමේදී කිසිවෙකුගෙන් පළිගැනීමට කිසිවක් නොකිරීමත්, ජනතාවට අහිතකර කිසිවක් නොකිරීමත්, නීතියේ ප‍්‍රතිපාදන අනුවම සියලු ක‍්‍රියාමාර්ග ගැනීමත්ය. එසේ නොවුවහොත් සිදුවන්නේ නැවත වරක් නිතියේ පාලනයෙන් මිදී රට ආපස්සට ගමන් කිරීම පමණකි.

මෙම මැතිවරණයෙන් ඉගෙනගත හැකි එක් වැදගත් පාඩමක් වනුයේ මෙතෙක් තීරණාත්මක ඡන්ද ලෙස සැළකූ උතුරු නැගෙනහිර දමිළ ඡන්ද සහ මුස්ලිම් ජනයාගේ ඡන්ද තරමටම මේ වනවිට පොදු අවකාශයේ (සමාජ ජාල) නිරන්තරයෙන් සැරිසරන අඩු තරමින් ලක්ෂ 20 ක් පමණ වන තරුණ ඡන්ද දායකයාගේ සහ අනාගතයේදී අඛණ්ඩව පොදු අවකාශයේ සැරිසැරීමට නියමිත දශලක්ෂ සංඛ්‍යාත තරුණ ප‍්‍රජාවගේ ඡන්දය ද, ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත බවයි.

-දිමුවි-

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
January 2015
S M T W T F S
« Nov   Feb »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: