you're reading...
Uncategorized

අපට අවශ්‍ය ප‍්‍රශස්ති ගායනා කරන මාධ්‍ය නොවේ.


heart-attack-symptoms-400x400

අධිපති පාලක පන්තියේ මතවාදයේ අවශ්‍යතාව අනුව මාධ්‍ය සැමවිටම ක‍්‍රියාකරන බවට වන අදහසට අනුව මාධ්‍ය නිදහස සාපේක්ෂ ලෙස සීමා සහිත දෙයක් බව පැහැදිලිව ඔප්පුවී තිබේ. ජාතික රාජ්‍ය මට්ටමෙන් ගත්ත ද, පෙනෙන්නට තිබෙන මූලික ලක්ෂණය වන්නේ පවතින පාලනයේ මතවාදය අනුව මාධ්‍ය මෙහෙයවීමට දරන උත්සාහයයි. දියුණු වෙමින් පවතින රටවල්වල මෙය අන්ත ජාතීවාදී ස්ථාවරයක සිට හෝ ඒකාධිපතිවාදී ස්ථාවරයක සිටආදී වේශවලින් සිදුවිය හැකි සේම දියුණු බටහිර රටවල National Interest යන මතවාදය ඔස්සේ සිදුවන ආකාරය කවුරුත් දනී. ඇමෙරිකාවේ හා බටහිර අවශ්‍යතාවලට අනුව CNN රූපවාහිනිය පක්ෂග‍්‍රාහීව ක‍්‍රියාකරන බවට චෝදනා කරමින් තම මතවාදය ලෝකය පුරා ප‍්‍රචලිත කිරීම සදහා රුසියානු රාජ්‍යයේ අරමුදලින් RT රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීමෙන්ම මෙය ස්ථිර වශයෙන්ම සමාජගතවී ඇත. මෙම තත්වය තුළ ජාතික මට්ටමින් අප හමුවේ ඇති අභියෝගය වන්නේ සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රය වෙනසක් කිරීම සදහා පත්ව ඇති පාලනය මෙරට මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්නයි. නව පාලනය බලයට පත්වීමට පෙර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී මෙන්ම පත්වීමෙන් පසු ප‍්‍රකාශ කළ ප‍්‍රධාන මතවාදයක් වූයේ රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානව සියලු මාධ්‍ය වලට දේශපාලන බලපෑමෙන්ව්‍යුක්තව ස්වාධීනව ක‍්‍රියා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන බවයි. ප‍්‍රශස්ති ගායනා කරන මාධ්‍ය වෙනුවට බහුමතවාදී, පුළුල් දෘශ්ටියකින් හෙබි මාධ්‍ය සම්ප‍්‍රදායක් ගෙඩනගන බවයි.මෙවැනි ප‍්‍රතිපත්තියක සිටි නව ආණ්ඩුවේ අගමැතිවිසින් හදිසියේ මාධ්‍ය විවේචනය කිරීම කෙරෙහි සමාජයේ එක් කොටසක අවධානය යොමුවී තියෙද්දී තවත් කොටසකගේ අදහස වන්නේ එය අනුමත කළ හැක්කක් බවයි. එ් අනුව ජාතිවාදය පැතිරවීමේ චෝදනාව මත ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත් තුනකට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ සදහා දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බවත්, අලුත් යහපාලනයත් එක්ක සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසත් මේ අන්තිම අවවාදය බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබුනා. ‘මේ අය තමයි මහින්ද රාජපක්ෂට කඩේ ගියේ, මේ ඇතැම් කතුවරු ආණ්ඩුවෙයි පත්තරෙයි දෙකේම තනතුරු තියා ගත්තා. ඒගොල්ලන්ට මහින්ද රාජපක්ෂ නැවත අගමැති හරි ජනාධිපති කරන්න ඕනෙනම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ජාතිවාදය කරන්න බැහැ’ ඔහු පවසා තිබුණා.

මෙහි ඇති වැදගත්කම වන්නේ මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මගින් මාධ්‍ය කෙරෙහි මෙවැනි දැඩි දෝෂාරෝපණයක් කර නොතිබීමයි. මේ පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකරගේ අදහස වන්නේ ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බවයි. මාගේ අදහස වන්නේ කිසි දිනෙක මාධ්‍ය පූර්ණ වශයෙන් ස්වාධීන කළ නොහැකි බවයි. සංකල්පීය වශයෙනුත් එය සාපේක්ෂ තත්වයකි. එම අර්ථයෙන් බහුමතවාදී අදහස්වලට නව පාලනය යටතේ ඉඩ ප‍්‍රස්ථා සැලසෙන පරිදි මාධ්‍ය සදහා අවකාශය සැලසුනොත් එය යහපත් එකක් වන්නේයැයි අදහස් කළෙමි.

එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහු විසින් ඉදිරිපත් කළ යහපාලන ප‍්‍රතිපත්තියට සහයෝගය ලැබෙන් පරිදි අදහස් දැක්වූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා පසුගිය දිනෙක රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනකදී පැවැසුවේ කිසිවිටෙකත් වංචා-දූෂණ සිදුකළ දේශපාලනඥයන්ට දඩුවම් ලැබෙනු ඇතැයි තමා නොසිතන බවයි. ප‍්‍රාමාණික බුද්ධිමතෙකු ලෙස මා සලකන නිර්මාල් රංජිත් දේවසිරි මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය පිළිබදව කර ඇති ඉහත ප‍්‍රකාශය සම්බන්ධයෙන් දැන් කියන්නේ කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

2001 පටන්ගත් එජාප ආණ්ඩු සමයේ මෙරට මාධ්‍ය තමන්ගේ අවශ්‍යතා සදහා මෙහෙයවීමට ‘රාළහාමිගේ මාධ්‍ය නඩය‘ යනුවෙන් එවක මංගල සමරවීර මහතාගේ විවේචනයට ලක්වූ එජාප රහස්‍ය මාධ්‍ය මධ්‍යස්ථානය ක‍්‍රියාකළ අයුරින් මෙවරද ක‍්‍රියාකරන්නට යන්නේද, මෙය යහපාලන ප‍්‍රතිපත්තිය සමග ගැලපෙන්නේ කෙසේද යන්න පිළිබදව අවධානයෙන් සිටීම වටී.

දිමුවි

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
February 2015
S M T W T F S
« Jan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: