you're reading...
Uncategorized

දූෂිතයින්ට, අපරාධකරුවන්ට නාමයෝජනා ලබා නොදිය යුතුයි.


140129170134unnamed (7)”රටේ ජනපති හා අගමැති තමන්ගේ දේශපාලන සන්ධානයන් තුල දූෂිතයින්ට, අපරාධකරුවන්ට, නාම යෝජනා ලබා නො‍දීමේ අවසන් වගකීම ඇත්තේ මෛත්‍රී- රනිල් යුවල අතේයි. ඔවුන් දෙනෙනා විසින්ම වරින් වර නම් කළ, ඔවුන්ගේ සටන් සගයින් සෘජුව හා වක්‍රව දූෂිතයින්, අපරාධකරුවන්, මංකොල්ලකරුවන් ලෙස හංවඩු ගැසූ පුද්ගලයින්ට නාම යෝජනා ලැබෙන්නේ නම් එහි වගකීම වෙනත් කිසිවෙකු නොව පුද්ගලිකවම පක්ෂ නායකයින් දෙපල විසින් බාරගත යුතු යැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා… “මේ වනවිට නාම යෝජනා සම්බන්ධයෙන් සිදුවන මූලික සාකච්ඡාවලදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ට, දුෂණ චෝදනා සහිත පුද්ගලයින්ට නාම යෝජනා ලබාදීම සඳහා විවිධ උත්සහයන් පවතින බව පෙනෙන්ට ති‍බෙනවා. අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් මේ පුද්ගලයින්ට නාම යෝජනා නොලැබෙනවා නම් මේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂවලට ඉතාම සුපිරිසිදු චරිත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට හැකියාව තිබෙනවා. අපි දැඩිව අවධාරණය කරනවා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් මේ රටේ පසුගිය මාස අටක කාලය තුළ නැවත නැවත ප්‍රකාශයට පත්කළ ආකාරයට නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට දුෂිතයින් වංචාකාරයින් අපරාධකරුවන් හිරගෙවල්වල හිටපු පුද්ගලයෝ ඇප ලබා‍ ඉන්න පුද්ගලයෝ රිමාන්ඩ් ගත වෙලා හිටපු පුද්ගලයෝ මූල්‍ය අපරාධ වලට සෘජුව සම්බන්ධ වෙලා චෝදනා ලැබුවන්ට නාම යෝජනා නොලැබෙන බව. පිරිසිදු අපේක්ෂකයන්ට පමණක් නාම යෝජනා ලබා දෙන බව. දූෂණ, අපරාධ, මුල්‍ය අපරාධ සිදු කළ පුද්ගලයින්ට මේ ප්‍රධාන දේශපාලන පක්ෂදෙකෙන් නාම යෝජනා ලැබෙනවා නම් එහි වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් පුද්ගලිකව දැරිය යුතුයි. එයින් පැන යන්නට ජනපතිටත් අගමැතිටත් හැකියාවක් නෑ.

යම් විදිහකින් මේ නායකයින් ඔවුන්ගේ පොරොන්දු කඩකරමින් මේ දූෂිතයින්ට නාම යෝජනා ලබා දුන්නොත් ඔවුන් පරාජය කිරීම මේ රටේ සෑම ඡන්දදායකයෙකුගේම වගකීමක් වන බවයි.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: