you're reading...
Uncategorized

මෛත්‍රි පාලනය ගරු කරන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි


111රටට අවශ්‍ය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරු කරන පාර්ලිමේන්තුවක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. සිරිසේන මහතාට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් පවතින චින්තන පාර්ලිමේන්තුවෙන් පලක් නොවන බවද ඔහු පවසා සිටී. සිළුමිණ පුවත්පත හා සකච්ඡාවක යෙදෙමින් ඔහු ඒ බව පවසා ඇත.

ජනවාරි අට වැනිදා මේ රටේ ඓතිහාසික බල හුවමාරුවක් සිද්ධ වුණා. ධන බලය, මැර බලය යන මේ හැම බලයක්ම ජනතා බලයට යටයි කියන එක ඒ මැතිවරණයේදී අපේ රටේ ජනතාව ලෝකයාට ඔප්පු කර පෙන්නුවා. නමුත් ඒ බල පෙරළිය නිසා ජනාධිපති ධුරය දැරූ පුද්ගලයා වෙනස් වුණාට රාජ්‍ය තන්ත්‍රය වෙනස් වුණේ නැහැ. පාර්ලිමේන්තුව වෙනස් වුණේ නැහැ. අවුරුදු ගණනක් තිස්සේ පෝෂණය වෙමින් පැමිණි නිලධාරී පංතිය වෙනස් වුණේ නැහැ.

එම නිලධාරීන් අතර පැවැති රජයේ දූෂිත දේශපාලනඥයන් ආරක්ෂා කළ නිලධාරී පැළැන්තියක් හිටියා. ඒ දෙගොල්ලෝ අතර ලොකු අන්‍යොන්‍ය සහ‍යෝගයක් අදටත් තියෙන බව පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා.

ඒ එක්කම ජනවාරි 08 දා වෙනසත් එක්ක අලුත් රජයක් ඇතිවුණේ නැහැ. ඇත්තටම වුණේ තිබුණ රජය වෙනස්වීම පමණයි. 2010 දී ලැබුණු චින්තන ජනවරම දැන් ඉවරයි. දැන් තියෙන්නේ කල් ඉකුත් වූ අක්‍රීය පාර්ලිමේන්තුවක්. රජය ගේන හැම දෙයකටම අකුල් හෙළීම අද විපක්ෂයේ විලාසිතාව වී තියෙනවා.

හැම කාරණයක් සම්බන්ධයෙන්ම ඒ බව පෙනෙන්නට තියෙනවා. ආණ්ඩුව වැදගත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ කරද්දි පවා ඒ අය නොනවත්වා කකුලෙන් අදිමින් ඉන්නවා. මේක අතිශය කනගාටුදායක කාරණයක්. රටේ බුද්ධිමත් ජනතාව මේ තත්ත්වය තේරුම්ගෙන තියෙනවා ය කියලා අපි විශ්වාස කරනවා.

අපි මොනවා කිව්වත් කරන්න හැදුවත් කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවකින්, මීට වඩා දෙයක් අපේක්ෂා කරන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් මෛත්‍රි පාලනය ගරු කරන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. නමුත් ඒ වෙනුවට තවම තියෙන්නේ චින්තන පාර්ලිමේන්තුවක්.

සංවාද සටහන
චාමර ලක්ෂාන් කුමාර

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: