you're reading...
Uncategorized

කිසිඳු කොන්දේසියක් නෑ. මහින්ද මෛත්‍රී එකම වේදිකාවේ?


හිටපු ජනපති කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (8) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.


මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමේදී ඇති කොන්දේසි මොනවාදැයි මාධ්‍යවේදීන් විමසූ විට ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ සමහර මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙන ආකාරයේ කිසිඳු කොන්දේසියක් ඉදිරිපත්කර නොමැති බවයි.

මොනයම් හෝ ආකාරයක කල්ලි, කණ්ඩායම් මේ වනවිට නොමැති බවත්, සභාපතිතුමා ලෙස ජනාධිපතිතුමා කිසිඳු අර්බුදයක් හෝ ගැටුමකින් තොරව පක්ෂය මෙහෙයවමින් ඇති බවත් ඔහු පවසයි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසූවේ මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් ඉදිරිපත් විය හැකි බවට ජනපති පළ කළැයි කියන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් ඇත්තේද යන්නයි. එවිට එහෙම අදහසක් ජනාධිපතිතුමා පවසා නැතැයි ද, එහි ඇත්ත නැත්ත 13 වැනිදාට බලාගත හැකි බවත් ඔහු පැවැසීය.

මහින්ද හා මෛත්‍රී එකම ඡන්ද වේදිකාවකට එනු ඇත්දැයි මාධ්‍යවේදීන් වමසූ අවස්ථාවේදී සුසිල් ප්‍රේමජයන්ත් මහතා කීවේ එය එසේ විය යුතුව තිබෙන බවයි.

ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූයේ සමහරුනට නාමයෝජනා නොලැබෙන බවයි. එහෙත් ඔවුන්ගේ නම් හෙළි නොකිරීමට ඔහු කල්පනාකාරී විය.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: