you're reading...
Uncategorized

චන්ද්‍රිකාගේ යහපාලන පිළ පරදී. මහින්ද නැවැත දිනයි.


2015-07-09 15.53.45මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ පාලනය යටතේ සිදුවූවායැයි කියන විවිධ වංචා, දූෂණ හා ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා කලාපයන්  නිසා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට පෙරමුණ ගෙන කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ අනෙකුත් දේශපාලන ක්‍රියාකාරිකයින් මේ වනවිට පරාජය ලබමින් සිටින බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත්කළ ‘මෛත්‍රී පාලනයක්’ නැමති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික හරය වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය යටතේ රට තුළ නැතිව ගිය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය නැවත ස්ථාපිත කිරීමට ජන වරමක් ඉල්ලා සිටීමය. ඒ සඳහා ජනවරමක් ලැබුනද දැන් සිදුවෙමින් පවතින්නේ කිසිවෙකුත් නොසිතූ, නොපැතූ දෙයකි. එනම් මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි විවිධ චෝදනාවන්ට ලක්වී සිටි හිටපු ඇමතිවරැන්ට මෙන්ම හිටපු ජනාධපතිවරයාටද යහපාලනය වෙනුවෙන් ජනවරම ලබාගත් වත්මන් ජනාධිපති වරයා සභාපතිත්වය දරන සන්ධානයෙන් නාමයෝජනා ලැබීමය.විවිධ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හිටපු දූෂිත ඇමතිවරැන් සිව්දෙනෙකු හැර අනෙක් සියළු දෙනාට සන්ධානයෙන් නාමයෝජනා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවය. මෙම තත්වය නතරකිරීමට පසුගිය දින කීපය පුරා යහපාලනයට උදව් කළ පිළේ දේශපාලකයන් හා සිවිල් ක්‍රියාකාරිකයන් මහත් වෙහෙසක් දැරෑ නමුත් මහින්ද පිල ජනපති මෛත්‍රී තම අණසකට නතුකර ගැනීමට සමත්වී සිටී.

විමල් වීරවංශ කියන පරිදි දැන් සියළු දෙනා එකම කල්ලියේය. මහින්ද පිලක් ඇත්තේම නැතුවා සේය. යහපාලනය සඳහා හඬ නගන්නෙක්ද නැත. හඬ නැඟූ පිරිස් දැන් එළියේය. දැන් විමල් වීරවංශ වැන්නන් කෑගසනු ඇසේ.

ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ පිළේ ප්‍රධාන කථිකයෙක් වූ විමල් එදා තම කතාවේදී ‘.. සිරිසේන… සිරිසේන… කෝ මේ සිරිසේන…? යනුවෙන් කෑ මොර දෙනු අපට ඇසිණ. එදා සිරිසේන සෙවූ විමල්ට දැන් ඔහු හමුවී ඇත. විරැද්ධ පිලේ සිටි සියලුදෙනාම ඔහු සමගය. යහපාලක පිල සොයාගන්නටවත් නැත. ඔවුහු රවුද්‍ර, පාදඩ දේශපාලන ගල්රෝලට හසුවී ඇත. මෛත්‍රී නිහඬය. චන්ද්‍රිකාද නිහඬ වී ඇති සෙයකි. ලංකාවේ දේශපාලනය තේරැම්ගන්නට මේ ටිකම ඇති ය.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: