you're reading...
Uncategorized

රාජිත, චම්පික, කරු පරණවිතාන එජාපය සමග සාකච්ඡා !


Untitled-1හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පාලනය තුළ සිටි දූෂිත දේශපාලනඥයින්ට නාමයෝජනා ලබාදීමට විරෝධය පළකරමින් වෙනම යහපාලන පෙරමුණක් ගොඩනැගීමටත්, එජාපය සමග සන්ධානගතව ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත්වී මහින්ද-මෛත්‍රී සන්ධානය පරාජය කිරීමටත් චම්පික රණවක සහ රාජිත සේනාරත්න ඇමතිවරු මේ වනවිට එජාපය සමග සාකච්ඡා පවත්වමින් ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කර වත්මන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සඳහා මූලිකවූ ඔහුගේ සමීපතම නිලධාරියෙකු වූ කරු පරණවිතාන මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට දැඩි විරෝධයක් දක්වා ඇති නමුත් කල්අදිමින් සිටි ජනපති එම සෑම විරෝධතාවන්ම නොසළකමින් දූෂිතයින් යැයි ඔහු විසින්ම හැඳින්වූ හිටපු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදීමට කටයුතු කරමින් සිටී. මේ අයුරින් නාමයෝජනා ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාගේ පාර්ශවයේ මතය වී ඇත්තේ සන්ධානයේ නාමයෝජනා ලබාදීම පිළිබඳ බලය ඇත්තේ එහි මහලේකම්ට බැවින් ජනාධිපතිවරයාට එය පාලනය කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනවරම ලබාගත් යහපාලන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීම සඳහා එජනිස නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුව සිටි පරණවිතාන මහතා ද, මේ අනුව එජනිසයෙන් නාමයෝජනා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙන්ම අලුතින් ඇති කළ යහපාලන පෙරමුණෙන්ද රත්නපුර දිසුත්‍රික්කයෙන් නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

මේ අනුව ඉදිරි පැය කීපයේදී එජාපය හා එක්ව යහපාලනයට සහයෝගය දක්වන පාර්ශව මැතිවරණයට ඉදිරිපත්වීමට ඇති ශක්‍යතාව ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: