you're reading...
Uncategorized

කරූ පරණවිතාන ජනමාධ්‍ය ලේකම්කමෙන් අස්වෙයි. එක්සත් ජාතික පෙරමුණෙන් රත්නපුරයට තරගවදී !


SAND1716මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සටනට ගෙනඒමේ දුෂ්කර කාර්යයේ සිට ජයග‍්‍රහණය දක්වාම මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ කරුණාරත්න පරණවිතාන මහතා ඔහු දැරූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (10) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යවා ඇතිබවත්, ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත් ජනාධිපතිවරයා පරණවිතාන මහතාගේ දේශපාලන අනාගතයට සුබ පතා ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.පරණවිතාන මහතා යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සහයදුන් නිලධාරීන් අතර පෙරමුණගත් හා මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇති යහපාලන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සදහා මහත් කැපවීමෙන් ක‍්‍රියාකළ, ජනාධිපතිවරයාගේ ඉතා විශ්වාසවන්ත නිලධාරියෙකි.

මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහු සමග ඇති දූෂිතයන්ට ශ‍්‍රීලනිප ය ප‍්‍රමුඛ සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට විරෝධය පළ කරමින් තමන් ශ‍්‍රීලනිපයෙන් ලබාදීමට සිටි නාමයෝජනා ද ලබා නොදුන් ඒ මහතා ඉදිරි මැතිවරණයේදී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් මෑතකදී ඇතිකළ එක්සත් යහ පාලන ජාතික පෙරමුණට එක්වී එක්සත් ජාතික පෙරමුණෙන් අලියා ලකුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදීමට තීරණය කර ඇති බැවින් මෙසේ ජනමාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: