you're reading...
Uncategorized

අගමැතිකමට සුදුසු අය ඉන්නේ මහින්ද විතරද? තවත් අය ඉන්නවා – ජනපති


CJ35yYkUYAE8HFbමහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරිට අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා යැයි අද සවස විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා භේද බින්න කිරීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. පක්ෂ සභාපති කමෙන් අයින් වෙන්න පියවර ගත්තෙත් නෑ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට එරෙහිව මම ලිඛිතව විරෝධය පළ කළා. මට ඕනෑ මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන පාර්ලිමේන්තුවක්. ජනවාරි අට වැනි දා ඡන්දය ජය ගත්තේ ඒ පොරොන්දුව මතයි. එහි දී පක්ෂය කුමක්දැයි මම කල්පනා කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි. ඔවුන්ගේ සැලසුම වූයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු කර අගමැතිකම ඔහුට බාර දීමයි. ඒ සියලු උත්සාහයන් මා පරාජය කළා.මම විවේචනයට විවෘතයි. විවේචනය මා අගය කරනවා. මට ඕනෑ මහා මැතිවරණයක්. ඡන්දයක් දිගා ගැනීමට උත්සාහ කරන පක්ෂයක් නොවෙයි. ජනවාරි අට වැනි දා මම රටට දුන් ප්‍රතිපත්ති පළිපදින රජයක් මට ඕනෑ. මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.

මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා. සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා. ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා..‘

‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපතිවරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිබෙනවා. ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි.මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: