you're reading...
Uncategorized

අපි ඔසවාගෙන යන්නේ නායකයන්වත්, පක්ෂවත් නොව ප්‍රතිපත්ති – චම්පික රණවක


10989217_1609769449304567_577084467176737424_nයහපාලනයක් සඳහා වූ එක්සත්ජාතික පෙරමුණ මඟින් ඔසවාගෙන යන්නේ නායකයන්වත් පක්ෂවත් මිනිසුන්වත් නොව ප්‍රතිපත්ති බව එක්සත් යහපාලන ජාතික පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ පැවති එක්සත් යහපාලන ජාතික පෙරමුණේ ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,… “ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍යයි.මහින්ද රාජපක්ෂ පාලන සමයේ තිබූ ප්‍රතිපත්තීන් මඟින් රටපුරා ඇතිවී තිබෙන ව්‍යවසනකාරී තත්ත්වයට විසඳුම් ලබාගැනීමට හැකියාවක් නැහැ. ඒ සඳහා එක්සත් යහපාලන ජාතික පෙරමුණ විසින් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා.ණයගැති බවින් රට මුදාගැනීමට යහපාලනයේ ක්‍රියාදාමයන් උපයෝගී කරගන්නේ කෙලෙසකද යන්න විධිමත් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ව්‍යවස්ථාදායකයක්‍රියාත්මකවීමට පසුගිය කාලයේ ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර දූෂණ මර්ධන ව්‍යවස්ථාපිත කොමිෂමක් පත්කිරීම අපේ මූලිකම කටයුත්තක්. ඒ මඟින් පසුගිය කාලයේ සිදුවුණ කළමනාකරණ, මූල්‍යමය වශයෙන් සිදුවුණ මහා පරිමාණ මෙගාඩීල් කළ අයට දඞුවම් දීමට පනතක් ගෙනෙනවා.අපට බලාපොරොත්තුවක් තියෙනවා. අපේ ප්‍රධාන අරමුණ වූ මෛත්‍රීපාලනයක් නමින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතැම් කරුණු ඉෂ්ඨ කරගන්න බැරිවුණා. මොකද ඒ ජනාධිපතිවරණයේදී ලැබුණ ජනවරම නෙමෙයි පාර්ලිමේන්තුවේ තිබුණේ. පාර්ලිමේන්තුවේ තිබුණේ 2010 ජනවරම ඒ නිසා විශාල ගැටළු ප්‍රශ්න පැණ නැගුණා. බාධා එල්ල වුණා. පාර්ලිමේන්තුව විගඩමක් වුණා

දැන් මේ රටට ස්ථාවර පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම නව ගමනකට නව යුගයකට සූදානම් විය යුතුයි.මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන පරාජය කිරීම අපගේ මූලික අපේක්ෂාව නොවෙයි.විවේචකයින් පමණක් බවට පත්වීම අපේ බලාපොරොත්තුව නොවෙයි.රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න වගේමරටට ධනාත්මක අඩි තාලමක් දමන්නටයහපාලනයක් සඳහා වූඑක්සත් ජාතික පෙරමුණ, සමාජ දේශපාලන වශයෙන් කැපවී කටයුතු කිරීමට බලාපොරොපත්තු වෙනවා.” යැයි පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් යහපාලන ජාතික පෙරමුණේ නිශාන්ත වර්ණසිංහ, එක්සත් යහපාලන ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රීක් අපේක්ෂිකා නිරෝෂා අතුකෝරල,කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ඇතුළුපිරිසක් එක්විය.

11695031_1609769445971234_159755272693610073_n 11698567_1609769455971233_6154230834749124410_n 11742677_1609769459304566_3795923144490210259_n 11745719_1609769462637899_2408415426575103800_n

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: