you're reading...
Uncategorized

ශ‍්‍රීලනිපය විනාශ කළේ මහින්ද රාජපක්ෂ – අනුර දිසානායක


1736106478anura5ශ‍්‍රීලනිපය විනාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ දූෂිත පාලනය පරාජය කිරීමට මෙරට ජනතාව සමත් වුණා. ඒ සමග මහින්ද රාජපක්ෂලා විසින් අනුගමනය කළ විනාශකාරී, කැත දේශපාලන සංස්කෘතියත්, විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තියත් පරාජයට පත්කිරීමට හැකියාව ලැබුණා. නමුත් ඉන් අනතුරුව ගොඩනැගුණු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වූව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වූත් එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂගේ දේශපාන සංස්කෘතිය තීරණාත්මක ලෙස පරාජය කිරීමට කටයුතු කළේ නැහැ. ඔවුන් ඔවුන්ගේ විවිධ දේශපාලන පටු වුවමනාවන්ට අනුව වැඩකළා. ඒ නිසාම පරාජයට පත්වුණු මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය නැවතත් වර්ධනයවීමට පටන් ගත්තා. මහින්දත් සමඟ ඔහුගේ දේශපාලන සංස්කෘතියත් පරාජය කළ යුතුව තිබුණා. මන්ද, ඔහු පරාජයෙන් පසුවත් ජාතිවාදය වපුරමින් රට තුළ විනාශකාරී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. රාජපක්‍ෂත් ඔහුගේ දේශපාලන සංස්කෘතියත් පරාජයට පත්කළා නම් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා අද මේ අර්බුදයට ලක්වෙන්නේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු පවුලේ සාමාජිකයින්ට එල්ල වෙලා තිබුණු මූල්‍ය ගනුදෙනු චෝදනා, ඝාතන පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොට අධිකරණය මගින් දඬුවම් ලබාදිය යුතුව තිබුණා. එසේ කළා නම් රාජපක්‍ෂ පිල්ලිය මුළුමනින් පරාජයට පත්කිරීමට හැකියාව තිබුණා. දේශපාලනික වශයෙන් මෙන්ම ඔවුන්ට තිබුණු චොදනාවලට දඬුවම් ලබාදී ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියත් පරාජයට පත්කිරීමට අසමත් වූවා පමණක් නොව මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා ශී‍්‍රලනිප, එජනිස නායකයා ලෙස ඔහුට නාමයෝජනා ලබාදීමටත් කටයුතු කළා. එසේ කරන්න සිදුවුණේ තීරණාත්මක ලෙස රාජපක්‍ෂ පරාජය කරන්න බැරිවුණු නිසයි.

එය ජනවාරි 08වැනිදා මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමට පිටුපෑමක්. ඒ නිසාම ඔහුට සහාය පළකළ පාර්ශවවලින් විශාල දෝෂාරෝපණයක් එල්ල වුණා. ඔහුගේ විශේෂ ප‍්‍රකාශයේදී ඔහු විසින්ම ඒ බව කිව්වා. ”මට දුෂ්ටයා කිව්වා, ද්‍රෝහියා කිව්වා, පාවා දෙන්නෙක් කිව්වා” ජනාධිපතිවරයා ඔහුගේ වචනවලින්ම කිව්වා. ජනවරමට මුළුමනින්ම පිටුපානවා නම් එය අංශක 180කින් තමන් හිටපු ස්ථාවරය මුළුමනින්ම වෙනස් කර වෙන ස්ථාවරයක සිට ගැනීමක්. එවිට ඔහු දිනවූ බලවේග ඉදිරියේ ඔහු දුෂ්ඨයෙක්, ද්‍රෝහියෙක්. පාවා දෙන්නෙක්. ඒ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේම වචනයි.

ගිය නුවණ ඇතුන් ළවා අද්දන්න ජනාධිපතිවරයා විසින් උත්සාහයක් ගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වන බවත් ඔහු ජයග‍්‍රහණය කළත් අගමැතිධුරය ලබා නොදෙන බවත් තමන් මහමැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා. එයින් සමාජයට යම් කිසි පණිවුඩයක් ලබාදීමට ජනාධිපතිවරයා උත්සාහ කර තිබෙනවා. එයින් ජනාධිපතිවරයා කියා තිබෙන්නේ ජනවාරි 08වැනිදා ලැබුණු ජනවරම සමඟ සිටගැනීමට තමන් තවමත් සූදානමින් සිටින බවයි. කල් ඉකුත්වෙලා හෝ ප‍්‍රමාද වෙලා හෝ එවැනි ප‍්‍රකාශක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපේ ඇගයීමක් තිබෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අර්බුදයට යන්නේ මෛතී‍්‍ර-මහින්ද ගැටුම නිසාම පමණක් නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ විසින් ශ‍්‍රීලනිපයේ මුල් උදුරා දැමීමේ විපාක තමයි දැන් අර්බුදයක් බවට පත්වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විනාශ කළේ රට විතරක් නෙවෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් විනාශ කළා. බණ්ඩාරනායක මහත්තයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය මූලික කරගෙනයි. ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ හදවතේ රැඳුණේ එවැනි පක්‍ෂයක්. නමුත් රාජපක්‍ෂ විසින් නිර්මාණය කළේ මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරිකයින්ගෙන්, මහා පරිමාණයේ එතනෝල් ජාවාරම්කරුවන්ගෙන්, ස්තී‍්‍ර දූෂකයින්ගෙන්, නිර්මාණය වුණු ශී‍්‍රලනිපයක්.

ශී‍්‍රලනිපයේ නායකයෝ බවට පත්වුනේ කන්ටේනර් පිටින් මේ රටට කුඩු ගෙන්වීමට උදව් කරපු අය. කන්ටේනර් පිටින් එතනෝල් ගෙන්වපු අය. මොණරාගල, මාතලේ, කුරුණෑගල ශී‍්‍රලනිපයේ නායකයන් බවට පත්වුණේ මහා පරිමාණයේ බාර්, ස්කාගාර හිමියන්. ඒ විතරක් නෙවෙයි, පලාත් සභා, ප‍්‍රාදේශීය සභා මට්ටමින් ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරුන් ස්ත‍්‍රී දූෂකයින් බවට පත්වුණා. තංගල්ලේ, මාවනැල්ලේ සිදුවීම් ජනතාවට මතකයි. එවැනි අපරාධකාරයන්ගෙන් පිරි පක්‍ෂයක් බවට ශී‍්‍රලනිපය පත්කළා. පාදඩකරණය කළා.

කිසිදු නායකයෙකුට ශී‍්‍රලනිපයේ ඉහළට එන්න මහින්ද රාජපක්‍ෂ ඉඩ සැලසුවේ නැහැ. ශී‍්‍රලනිපය රාජපක්‍ෂ පක්‍ෂයක් බවට පත්කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවරක් ජනාධිපතිධුරය දැරීමෙන් පසුව පක්‍ෂයේ නායකත්වයට එන්න මහින්ද රාජපක්‍ෂට ඉඩ ලැබුණා. නමුත් මහින්ද රාජපක්‍ෂ දෙවතාවක් ජනාධිපතිධුරය දැරීමෙන් පස්සේ ඉන් අනතුරුවත් බලයේ රැඳී ඉන්න ව්‍යවස්ථාව පවා වෙනස් කළා. කිසිදු අයෙකුට නායකත්වයට ඒමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ජනතාව අගමැති කෙනෙක් පත්කරන්න අවස්ථාව දෙනවානම් එම ධුරයත් මහින්ද ගිලගන්න හදනවා. එනිසා ශී‍්‍රලනිපය බේරා ගැනීම සඳහා ශී‍්‍රලනිප පාක්‍ෂිකයින්ට වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් කළ යුත්තේ රාජපක්‍ෂ කඳවුර පරාජයට පත්කිරීම පමණයි.

ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවා, පන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න කියලා තමන් යෝජනා කළ බවත් අගමැතිවරයා එයට නෑසූ කන්ව සිටි බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. පහුගිය කාලය තුළ මෙම මූල්‍ය ගනුදෙනුව පිළිබඳ වංචාවක් සිදුවුණාද? නැද්ද? කියලා විවිධ කතාබහ ඇතිවුණා. නමුත් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට අනුව නිශ්චිත ලෙසම මහබැංකු බැඳුම්කර වංචාවක් සිදුවී තිබෙන බවට සීල් ගැසුවා මෙන් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම මීට පෙර අවස්ථාවකදී ජනාධිතිවරයා කියා තිබුණා, එම වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට කමිටුවක් යෝජනා කළා කියලා. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිරිකොතේ වැඩකරන තුන් දෙනෙක් ඒ පරීක්‍ෂණයට නම්කළා. ඒනිසා එම ගනුදෙනුවේ මුල සිටම රනිල් වික‍්‍රමසිංහ මැදිහත් වෙලා ජාවාරම්කරුවන් ආරක්‍ෂා කළා.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: