you're reading...
Uncategorized

ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ?


RW01202015P_3එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් එකතු වූ පමණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නො හැකි අතර ඔවුන් දෙගොල්ල පමණක් එකතු වී ජාතික ආණ්ඩුව පිහිටුවනු ලැබුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ද වන්නේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(5) ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුව යනු වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය Party (ඒක වචන – පක්ෂ 1කි) හෝ ස්වාධීන කණ්ඩායම Group (ඒක වචන – කණ්ඩායම් 1කි) සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ Parties (බහු වචන – පක්ෂ කිහිපයක්) හෝ ස්වාධීන කණ්ඩායම් Groups (බහු වචන – කණ්ඩායම් කිහිපයක්) එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් එකතු වූ පමණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නො හැකි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ද වන්නේ, වැඩිම වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ට පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂයක් එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වූ පමණින් පක්ෂ Parties එකතු වූයේ යැයි කිව නොහැකි වන හෙයිනි.

වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සංයුතිය අනුව ජාතික ආණ්ඩුවක් යනු වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය Party වන එක්සත් ජාතික පක්ෂය තවත් දේශපාලන පක්ෂ කිහිපයක් හෝ හෝ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සමග එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වෙයි. එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂයට තවත් එක් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය සමග පමණක් එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(4) ව්‍යවස්ථාව අනුව ඇමති මණ්ඩලයේ අමාත්‍යවරැන් සංඛ්‍යාව හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කරන අවස්ථාවට ලගා විය නොහැකි වෙයි.

එනම් එක්සත් ජාතික පක්ෂයට තවත් එක් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය සමග පමණක් එකතුවී සභාග ආණ්ඩුවක් පමණක් පිහිටුවිය හැකි අතර එහි ඇමතිවරැන් සංඛ්‍යාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(1) ව්‍යවස්ථාව ඇමති මණ්ඩලයේ අමාත්‍යවරැන් සංඛ්‍යාව අනුව 30 දක්වාද සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාව 40 දක්වාද පමණක් පත් කර ගත හැකි අතර එසේ නොවන්නේ නම් විධායක ජනාධිපතිවරයා ද, පාර්ලිමේන්තුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදුකරයි.

ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික ක්‍රීඩාව‍, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය සැළකීමේදී 1ක් පමණක් පවතින අතර ජාතික ආණ්ඩුව සැළකීමේදී පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් ඒකාබද්ධව පිහිටුවනු ලබන ආණ්ඩුවක් අදහස් වන අතර ජාතික ආණ්ඩුවක විපක්ෂයක් නො තිබිය යුතු වෙයි.
ලැටිමර් හවුස් මූලධර්ම සහ එංගලන්තයේ පැවති ජාතික ආණ්ඩුව අධ්‍යයනය කිරීමේ දී මෙරට උගතුන් ගේ දැණුමේ තරම මැනවින් පැහැදිලි කර ගත හැකි ය.

උපුටාගැනීම: back to freedom

 

 

 

 

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
August 2015
S M T W T F S
« Jul   Sep »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: