you're reading...
Uncategorized

ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය සහ එජාපය එකඟයි – මලික් සමරවික්‍රම


16146285131-copy15දීර්ඝ සාකච්ඡා වටයකින් අනතුරුව ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් ඇත්කිරීම සඳහා අද එකඟතාවයකට එළඹුන බව මලික් සමරවික්‍රම මහතා පවසයි. මාධ්‍යයට විශේෂ නිවේදනයක් කරමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණවලදී එක්සත් ජාතික පක්‍ෂය දිගින් දිගටම ප්‍රකාශ කලේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් හා ශීලාචාර පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සදහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන බවයි.

ඒ සදහා අවම වශයෙන් වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්ඩුවක් බිහි කරන බවද අපි පැවසුවෙමු.ඒ අනුව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ගිවිසුමක්ද පසුගියදා අත්සන් කළෙමු.

ජාතික ආණ්ඩුව පිහිටු වීම සදහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ඉතා සුහද හා ගැඹුරු ලෙස සාකච්ඡාවන් පැවැත්වීමෙන් පසුව දැන් එකගත්වයට පැමිණ ඇත්තෙමු.

මෙහිදී අප දෙපාර්ශවයේම මුලික අරමුණ වුයේ ජනතාවට සේවය කිරීමයි. සාම්ප්‍රදායික දේශපාලන චින්තනයන්ගෙන් වියුක්තව, දේශයේ අනාගතය පෝෂණය කල හැකි ක්‍රියාවලියකට අපි එකග වූයෙමු. ඇමති තනතුරු හා වරප්‍රසාද වලට නොව මාතෘ භුමිය යලිත් ඉහලට ඔසවා තැබීමේ ව්‍යායාමයට අපි මුල් තැන දුන්නෙමු.

මෙහිදී අප දෙපාර්ශවයටම කැප කිරීම් සිදු කරන්නට සිදු විණි. එහෙත් ඒ සියලු කැපකිරීම් අප කලේ දේශයේ උන්නතිය පෙරදැරි කර ගනිමිනි.

නව අමාත්‍ය මණ්ඩලය, නව පාර්ලිමේන්තුව සමග අපි මාස හැටකින් අළුත් රටක් හදන අභියෝගාත්මක ගමන සාර්ථක කර ගැනීම සදහා කැප වී කටයුතු කරන්නෙමු.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
August 2015
S M T W T F S
« Jul   Sep »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: