you're reading...
Television

රූපවාහිනී මාධ්‍ය මගින් සිදුවන දෘශ්‍ය දූෂණය (Visual Pollution in Television) – 1 කොටස…


reality_tvවිජේසිංහ දසානායක
පර්යේෂණ අංශය,
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය, 
163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ,
කොළඹ 05.
Email: dissaa@gmail.com 
 
 
 

(ජනමාධ්‍යවේදීය සමාජවිද්‍යාත්මක විග‍්‍රහය… ) 

අද්‍යතන තොරතුරු ශිෂ්ඨාචාරය (Information Society) තුළ රූපවාහිනී මාධ්‍යය ගෝලීය කර්මාන්තයක් වශයෙන් ලබා ඇති සිරස් හා තිරස් වර්ධනයත් සමග එහි ආවේනික ශඛ්‍යතාවන් මගින් පේ‍්‍රක්ෂකයා කෙරෙහි සුවිසාල බලපෑමක් සිදුකරමින් තිබේ. මේරි බා ස`දහන් කරන පරිදි (Marie Barr Ann, 1997) දේශපාලන, වාණිජ, වෙළ`ද හෝ වෙනත් ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් අනුව රූපවාහිනිය මගින් ප‍්‍රතිනිර්මාණය කරනු ලබන අතථ්‍ය දෘශ්‍ය සංරචනය මගින් පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල සමාජ විද්‍යාත්මක මෙහෙයවීමක් (Socio-Psychological Manipulation) සිදුකරයි. රූපවාහිනී මාධ්‍ය මඟින් අද්‍යතන සමාජ විඥානයේ සියලූම ක්‍ෂේත‍්‍ර වේගයෙන් මාධ්‍යකරණය කෙරේ. මේ මගින් දැඩි සංස්කෘතික හා සාමාජීය බලපෑම් ඇතිකරනු ලබයි. පශ්චාත් නූතන චින්තකයෙකු වන බව්ඩි‍්‍රලාඞ්ගේ අදහස වන්නේ (Baudrillard, 1998)  ඉහත පරිදි ධනේෂ්වර ක‍්‍රමය මඟින් අතිවිශාල වශයෙන් නිෂ්පාදනය කොට අද්‍යතන මාධ්‍ය භාවිතයෙන් යථාර්ථයක් ලෙස හුවා දක්වනු ලබන දෘශ්‍ය රූපය හුදෙක්ම බොල්, ආභාසන රූපයක් (Simulacrum) වන බවයි. රූපවාහිනී පේ‍්‍රක්ෂකයා සහ පවුල සර්වව්‍යාපී වශයෙන් මෙම ආභාසන රූපය සමග සම්බන්ධතා පවත්වයි. ඒ තුළ කලාත්මක වැඩසටහන් සහ යථාර්ථය යන දෙකම සාර්වර්ති‍්‍රක ආභාසන රූපයක් (Universal Simulacrum) දක්වා විතැන්වී ඇත. නිරූපණය සහ යථාර්ථය  (Representation and Reality) අතර වෙනස බිඳ වැටුණු කල්හි ආභාසන රූපය බිහිවන බව ඔහුගේ මතයයි. එනම් දෘශ්‍ය සංඥාව හා එමඟින් සංකේතවත් කරන බාහිර ලෝකයේ යථාර්ථය අතර වෙනසයි. මෙයට අනුව රූපවාහිනිය මඟින් සිදුකරනු ලබන පේ‍්‍රක්ෂාව (Spectrum) තැනීමේ කලාත්මක ව්‍යායාමය ව්‍යාජ යථාර්ථයක් මවන තත්වයට පත්ව තිබේ. මෙය රූපවාහිනී මාධ්‍යයේ නෛසර්ගික ලක්ෂණයක් ද වන අතර ඒ තුළ දක්නට ඇති උග‍්‍ර පාරභෞතික ස්වරූපය ඒ මගින් නිර්මාණය වන ගැටළුවයි. එය ධනේෂ්වරයේ තෙවන කාර්තුවේ දෘශ්‍ය රූපයේ අර්බුදය සහ ස්වභාවය ලෙස ඉදිරිපත් වේ. මෙය එම මාධ්‍යයෙහි ¥ෂණය ලෙස හ`දුනා ගැනේ. රූපවාහිනී නාලිකා මගින් විකාශය වන ප‍්‍රවෘත්ති වාර්තාකරණය, ටෙලිනාට්‍ය, වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම්, රියලිටි වැඩසටහන් මෙන්ම වෙනත් බොහෝ වැඩසටහන්වල ව්‍යාජ, අතථ්‍ය ආඛ්‍යානවල මෙහෙයවීම නිසා පේ‍්‍රක්ෂකයාගේ චර්යාව, සමාජීය සම්බන්ධතා අයහපත් ආකාරයෙන් වෙනසකට ලක් කරන හා තෝරා ගැනීමට ඇති නිදහස සම්බන්ධව සහ හබමාස් දක්වන පරිදි (Habermass, 1962, translated by Burger, 1989) සෑම පුද්ගලයෙකුටම තම අදහස් සාකච්ඡුා කළ හැකි පොදු අවකාශය භාවිතා කිරීම පිළිබ`ද පුද්ගලයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය උල්ලංඝනය කරන හා පොදු අවකාශය පෞද්ගලීකරණය කර ඇති රූපවාහිනී මාධ්‍යයෙහි අතථ්‍ය, ¥ෂිත දෘශ්‍ය භාවිතය පිළිබ`දව මේ මගින් අධ්‍යයනය කරයි. අද්‍යතන සමාජ ආර්ථික ක‍්‍රමයේ විවිධ අවශ්‍යතා මත එවැනි දෘශ්‍ය ආඛ්‍යාන ගොඩනැංවීම තුළ එය අතථ්‍ය ප‍්‍රතිනිර්මාණයක් බවට පත්වී තිබීමත්, ඒ මගින් පේ‍්‍රක්ෂකයා සංකීර්ණ අයුරින් මතවාදී මෙහෙයවීමකට ලක් කිරීම හා සමාජීය බලපෑමක් සිදුවීමත් නිසා එම ප‍්‍රතිනිර්මාණිත දෘශ්‍ය ¥ෂිත දෘශ්‍ය ප‍්‍රකාශනයක් බවට පත්වී ඇත. ඒ අනුව තොරතුරු ප‍්‍රචාරණය හැරුණවිට සාපේක්ෂ වශයෙන් ශ‍්‍රී ලාංකේය රූපවාහිනියෙහි වඩා වැඩි මෙහෙයවීමක් සහිත වැඩසටහන් ලෙස නිරීක්ෂණය වන ටෙලිනාට්‍ය හා ප‍්‍රචාරණ දැන්වීම් මගින් සමාජීය වශයෙන් සිදුකරන බලපෑම පිළිබ`ද විශ්ලේෂණයක් මෙම පර්යේෂණය මගින් සිදුකර ඇත.

 
Key Words: Visual Pollution, Television, Simulacrum, Manupulation, Behaviour, Public Openion, Visual Semiotics, Media Literacy, Public Sphere.

Discussion

No comments yet.

Leave a comment

Follow Mass on WordPress.com

Follow me on Twitter

Google Translator

Instagram Feed

No Instagram images were found.

sinhalaya sindiya
February 2013
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 1,797 other subscribers

Tags